මස් වැද්දෝ පොලොන්නරුව ගල් විහාර භූමිය මස් මඩුවක් කරති… අදත් වෙඩි තබා මළ මුවෙක් කිරි වෙහෙර පාමුල…

මනම්පිටිය නිමල් ජයරත්න – 

සිංහලයේ වන්දනීය පූජා භූමියක් වූ ඓතිහාසික පොළොන්නරුව ගල්විහාර  භූමියට  හා ඒ ආශ්‍රිත රක්ෂිතයට අලංකාරයක් එක් කරමින්  මෙතෙක් නිදහසේ සැරි සැරූ ප්‍රකට මුව රංචුව එළිපිට ඝාතනය කර මස් කරන මස්වැද්දන් පිරිසක් සම්බන්ධව පොලොන්නරුවෙන් වාර්තා වේ.

මදුගැසීමෙන් පමණක් නොව වෙඩි තැබීමෙන් පූජාභූමියේ සැරිසරන මුවන් පූජා භූමිය තුළම  මරා මස් කීරීමේ  ජාවාරමක් සිදුවෙමින් ඇත්තේ  පොළොන්නරුව පූජා භූමියේ  ආරක්ෂාවට මධ්‍යම සංස්කෘතික අරමුදල ආරක්ෂක නිලධාරීන්, පුරාවිද්‍යා නිලධාරීන්, සිවිල් ආරක්ෂක නිලධාරීන් මෙන්ම පොලිසිය   යොදවා සිටියදී වීම විශාල ප්‍රහේලිකාවක් බව මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශවාසීහු කියති.

මේ මුව දඩයම  මසක දෙකක තුළ ඉතාම සීඝ්‍රයෙන් සිදුවන බව වාර්තා වේ. මේ වනවිට      මසකට මුවන් දහයක් පහළොවක් පමණ ප්‍රමාණයක්   මරා මස් කරන බවට තොරතුරු හෙළි වී තිබේ. නුදුරේ දීම මේ මුව රංචුවේ එක් මුවෙක්වත් ඉතිරි නොවන බවත්,  අවට හෝටල්වලින් මුව මස් සඳහා විශාල ඉල්ලුමක් නිර්මාණය වී ඇති බවත්  ප්‍රදේශවාසීහු කියති.

අද ( 29)   අලුයමත්  පොළොන්නරුව පූජා භූමිය ආසන්නයේ ඓතිහාසික කිරිවෙහෙර පමුල වෙඩි තබා ඝාතනය කළ  මුවෙකු වනජිවී  වනජීවී නිලධාරින් විසින්  සොයාගෙන ඇත. වෙඩි වැදුණු මුවා වෙඩි පහර කාගෙන කිරිවෙහෙර ප්‍රදේශයට පැමිණ මැරී වැටී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලොන්නරුව වනජීවී කලාපයේ වැටලීම් අංශයේ අඩවි සහකාර ඩබ්ලිව්.එම්. කුමාරසිරි විජේකෝන්  ගෙන් අප මේ පිළිබඳව දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ ගල්විහාර පූජා භූමියේ විශාල වශයෙන් මුව දඩයම සිදුවන බවය.   අද   අලුයම වෙඩිවැදී මියගොස් සිටි මුවාගේ මරණ පරීක්ෂණ කටයුතු කිරීමට ගිරිතලේ වනජීවී කාර්යාලය භාරදුන් බවත්,, ඒ අනුව පරීක්ෂණ සිදුකරන බවත් ඔහු කීවේය..

Exit mobile version