මස්වැද්දන්ගේ මද්දකට හසුවී මිය ගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් හමුවේ!

මද්දකට හසු වි දහ දුක් විඳ මිය ගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් නොර්වුඩ් පොලිස් වසමට අයත් වෙන්චර් වත්තේ   දී ඊයේ  (21)   සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක පවසයි. 

මෙම කඳුකර දිවියා   වෙන්චර් වත්තේ ඉහළ කොටසේ   අටවා තිබු මන්දකට හසු වි  මියගොස් සිටි බව    ප්‍රභාෂ් කරුණාතිලක කීවේය.

අවු 04 පමණ වයසැති හොදින් වැඩුණු මේ කඳුකර කොටියා ගැහැණු සතෙකු බවත්,කොටියාගේ බඳ ප්‍රදේශය මන්දට හසු වි දින ගණනාවක් තේ වත්තේම තිබි ඇති නිසා සිරුර නරක් වි තිබු බවත් ඔහු කීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිය ගිය කදුකර දිවියාගේ සිරුර හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ඒ.අයි.හෙට්ටිවත්ත මෙනවිය වෙත (21) දින ඉදිරිපත් කිරිමෙන් අනතුරුව   සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට නියෝග කළාය.

Exit mobile version