මස්කඩේ කොක්කේ එල්ලීම නියමිතව සිටි කිරි ගවයන් 8 දෙනෙක් සත්කාර ලබන හැටි

මහනුවර  දිගන  – ශිරෝමි සමරකෝන්-

මස්කඩේ කොක්කේ එල්ලෙන්නට නියමිතව සිටි කිරි ගවයින් 8 දෙනෙක්  මේ වනවිට වලපනේ පොලිස් ස්ථානයෙහි ප්‍රදේශවාසීන්ගේ අප්‍රමාණ කරුණාවට ලක්වෙමින් ජීවත් වෙති. ප්‍රදේශවාසී මහා සංඝරත්නය මෙන්ම අවට ජීවත්වන මිනිස්සුද මේ ගවයන් වෙනුවෙන් මහත් ආදරයෙන් ආහාර ගෙන එනු දැකිය හැකිය.

මීට තුන් දිනකට පෙර මෙම ගවයන් මස් කිරීම සඳහා නීති විරෝධීව පටවාගෙන යද්දී කීර්තිබණ්ඩාරපුර පොලිස් මුරපොලේදී අත්අඩංගුවට පත් විය. අනතුරුව ගව පට්ටිය පොලිස් භාරයට ගෙන එක් සැකකරුවෙක්  සමග ගවයන් වලපනේ උසාවියට ඉදිරිපත් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලබන අට වෙනිදා නැවත නඩුව කැඳවීමට නියමිතය.  එතෙක්  ප්‍රදේශවාසීන්ගේ සත්කාර සහිතව මේ කිරි ගවයෝ වලපනේ පොලිස් ස්ථාන භූමියේ වෙසෙති.

Exit mobile version