මරාගෙන මැරෙන කොටින්ගෙන් බේරුණත් ඒඑස්පී එරික් ඇමතිගේ බිල්ලක් වෙයි

පොලිස් සේවයේ දක්ෂ නිලධාරියකු ලෙස සැලකෙන වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ප්‍රදේශයේ රජයේ ප්‍රබල දේශපාලකයකුගේ බලපෑම් මත වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ පොලිස් මූලස්ථානයට මාරුකර එවා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ට එරෙහිව ඔහු විසින් නීතිය ක්‍රියාත්මක කරනු ලැබීම මේ මාරු කිරීමට ආසන්නතම හේතුව වී ඇති බවත් පසුගිය කාලය තුළ මේ කටයුතු හේතුවෙන් ප්‍රද්ශයේ රාජ්‍ය අමාත්‍යවරයා ඔහු සමඟ උරණව සිටි බවත් මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

එරික් පෙරේරා මහතා කලක් පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කළ අතර 2002 වසරේදී නැගෙනහිර පළාතේ කංචනකුඩා විශේෂ කාර්ය බලකා කඳවුරට එල්.ටී.ටීඊ ත්‍රස්තවාදීන් විසින් එල්ල කිරීමට ආ ප්‍රහාරය සාර්ථක මැඩ පවත්වාගත් නිලධාරියා ලෙස සැලකෙන්නේ ඔහුය.


ඔහු ඝාතනය කිරීම සඳහා එකල මරාලෙන මැරෙන බෝම්බකරුවන් පස් දෙනකු යොදවා තිබුණු බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුව පොලිස් පරීක්ෂකවරයකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස ඔහු පත්වීම් ලබන සෑම ප්‍රදේශයකට මහජන සාමය සහ විනය ඇති කිරීමට ක්‍රියා කළ නිලධාරියකු වූ එරික් පෙරේරා මහතා පසුගිය කාලයේ වෙන්නප්පුවේ රාජකාරී කරන කාලයේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ රජයේ ප්‍රබල අමාත්‍යවරයකු සමඟ මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වූ බව පැවසෙන අතර මෙම මාරුවීම ඒ මත සිදුවූ බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

Exit mobile version