මරාගෙන තියෙන්නේ සහෝදරයො… සිංහල ශ්‍රී ලාංකික දෙමළ ජන කණ්ඩායම්  පුදුමාකාර ලෙස ජානමය වශයෙන් සමානයි!  නවතම අධ්‍යයනයක් හෙළි කරයි!

දීර්ඝ කාලීන සිවිල් යුද්ධයක නියැලී සිටි ශ්‍රී ලංකාවේ විශාලතම ජනවාර්ගික කණ්ඩායම් දෙක වන සිංහල සහ ශ්‍රී ලාංකික දෙමළ ජාතීන් වෙනත් දකුණු ආසියාතික ජනගහන කණ්ඩායමකට වඩා ජානමය වශයෙන් එකිනෙකාට සමාන බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

iScience සඟරාවේ සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද සහ ඉන්දියානු සහ ශ්‍රී ලංකා DNA විද්‍යාඥයින් විසින් ඒකාබද්ධව සිදු කරන ලද මෙම පර්යේෂණය, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික කණ්ඩායම්වල ඓතිහාසික මූලාරම්භය මෙන්ම ඔවුන්ගේ සමාජ අන්තර්ක්‍රියා පිළිබඳව විශාල ආලෝකයක් විහිදුවා ඇත.

පර්යේෂකයන් සඳහන් කළේ සැලකිය යුතු සංස්කෘතික හා භාෂාමය වෙනස්කම් තිබියදීත්, මෙම කණ්ඩායම් දෙක වසර සිය ගණනක් පුරා අතීතයේ එකට බැඳී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ජානමය බැඳීමක් ඇති වූ බවත්ය.

“බහුතර සිංහලයන් සහ සුළුතර ශ්‍රී ලාංකික දෙමළ ජනතාව ලේ වැකි ගැටුමකට අවතීර්ණවි දියක් තළ සිවිල් යුද්ධය වර්ෂ 2009 දී අවසන් වුවද, ඔවුන් අතර තවමත් අන්‍යෝන්‍ය අවිශ්වාසය සහ සතුරුකම පවතී. කෙසේ වෙතත්, අපගේ සොයාගැනීම් සැබවින්ම කුතුහලය දනවන සුළුයි.” බරණැස් හින්දු විශ්වවිද්‍යාලයේ (BHU) සත්ව විද්‍යා අංශයේ මහාචාර්ය ඥානේෂ්වර් චෞබේ පැවසීය.


බරණැස් හින්දු විශ්වවිද්‍යාලය  හැරුණු විට මෙම පර්යේෂණ කණ්ඩායමට  ලක්නව් හි   Birbal Sahni Institute of Paleosciences,  ,  මංගලෝර්හි Mangalore University,   සහ ශ්‍රී ලංකාවේ  කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ඇතුළත් විය.

පර්යේෂකයන්ට   අනුව  ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම සිංහල ජනගහණය  සියයට 74.9 කි. ශ්‍රී ලාංකික දෙමළ සහ මුස්ලිම් (ප්‍රදේශයේ මුවර්ස් ලෙස හැඳින්වේ) පිළිවෙලින් සියයට 11.1 සහ සියයට 9.3 කි. ඉන්දියානු දෙමළ ජාතිකයන් සියයට 4.1ක් සහිත සිව්වන ජනගහණ කණ්ඩායම වන අතර ඉතා කුඩා ප්‍රතිශතයක් බර්ගර්, මැලේ, වැදි (ආදිවාසී) ආදී ජන කොටස් වෙති.

ක්‍රිස්තු පූර්ව  500 දී පමණ එනම් වසර 2,500 කට පමණ පෙර වාර්ගික ප්‍රජාවන් – සිංහල සහ ශ්‍රී ලාංකික දෙමළ යන දෙපිරිසම ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ බව අධ්‍යයනයෙන් සොයාගෙන ඇත.

“සිංහලයන් ඉන්දියාවේ බටහිර ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වෙද්දී, ශ්‍රී ලාංකික දෙමළ ජනයා දකුණු ඉන්දියාවෙන් සංක්‍රමණය වී තිබෙනවා. ඒ දෙකම සිදුවන්නේ  එකම වකවානුවේ දී ය. වසර සිය ගණනක් තිස්සේ දෙපැත්තෙන් ජාන ගලා යාමක් ඇති බව පෙනෙන්න තියනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ජානමය බැඳීම ඇති වුන බව කිව හැකියි. ,”   කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආර්. රණසිංහ උපුටා දක්වමින් NDTV වාර්තා කරයි.

පර්යේෂකයන් සඳහන් කළේ මෙම විෂය පිළිබඳ මින් පෙර අධ්‍යයනයන්හි ජාන සිතියම්කරණය සම්බන්ධයෙන් ගැඹුරක් නොමැති බවත්, එබැවින් ඔවුන්ගේ සොයාගැනීම් අවිනිශ්චිත බවත්ය.

“පුද්ගලයෙකුගේ ජාන විකෘති මිලියන භාගයක් පිළිබඳව සිදු කරන ලද පළමු අධ්‍යයනය මෙයයි. එහි විශාල හා තීව්‍ර කාර්යයේ විෂය පථය හේතුවෙන්   ප්‍රතිඵලය ශක්තිමත් සහ තීරණාත්මක බව අපි විශ්වාස කරනවා ,” මහාචාර්ය ඥානේෂ්වර් චෞබේ පැවසීය.

සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ ප්‍රවේණි පැතිකඩ ඔහුගේ හෝ ඇයගේ වටපිටාව සමඟ යම් පොදු බවක් ඇති බව නිරීක්ෂණය වී ඇති බව කණ්ඩායම සඳහන් කළේය.

“උදාහරණයක් ලෙස, රටේ උතුරු ප්‍රදේශයට අයත් පුද්ගලයෙකු උතුරු ඉන්දියාවේ අනෙකුත් නගරවල අනෙකුත් පුද්ගලයින් සමඟ විශාල ජානමය සමානකමක් බෙදාහදා ගන්නවා.  නමුත් ශ්‍රී ලංකා අධ්‍යයනයේ දී, අපට දකුණු ඉන්දියාවට වඩා සිංහල සහ මරාට යන පොදු මූලයන් සමග ඉහළ බටහිර ඉන්දීය ජාන සංරචකයක් හමු වුනා.  ,” රණසිංහ පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“තවත් පුදුම සහගත අංගය තමයි , දකුණු ආසියානු සන්දර්භය තුළ අසමාන  වූ වාර්ගික හා භාෂාවේ සීමාවෙන් ඔබ්බට ගිය විට හමුවන  ශ්‍රී ලාංකික දෙමළ සහ සිංහලයන් අතර ශක්තිමත් ජාන ප්‍රවාහයයි,” ඔහු තවදුරටත් පැවසීය. NDTV

 

Exit mobile version