මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, වේල්ලවීදිය සඳුදා අලුයම සිට හුදකලා කරයි…

බස්නාහිර පලාතෙන් පිටතට සංචරණය කිරීමට දැමූ සීමා හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉවතට...

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල විදිය සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බලප්‍රදේශය සඳුදා අළුයම 5.00 සිට හුදෙකලා කරන බවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මීට ස්වල්ප මොහොතකට පෙර දැනුම් දුන්නේය.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කොට ඇති පොලිස් බලප්‍රදේශ සංඛ්‍යාව 17කි.

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, ජා-ඇල, මිගමුව, රාගම, වත්තල, පෑලියගොඩ සහ කඩවත යන පොලිස් බලප්‍රදේශ හුදෙකලා කිරිම දිගටම  ක්‍රියාත්මකය.


තවද හෙට අළුයම 5.00 සි දැනට හුදෙකලා කොට ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශ එම තත්යෙන් මුදවනු ලබන බව යුද හමුදාපතිවරයා වැඩිදුටත් කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම බස්නාහිර පළාතෙන් පිටතට පනවා තිබූ සංචරණ සීමා හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරෙන බව රජය නිවේදනය කරන්නේය.

Exit mobile version