මරණ දඬුවම හිමිවූ වරදකරුවෙක් අධිකරණ ශාලාව දෙවනත් වෙන්න විලාප තබයි… අධිකරණ කටයුතු විනාඩි 20කට නවත්වයි!

Vavuniya-High-Court

දිනසේන රතුගමගේ –

වවුනියාවේ මරක්කාරම්පලෙයි ප්‍රදේශයේදී ත්‍රී රෝද රථ  රියදුරෙකු ඝාතනය කළ තවත් ත්‍රී රෝද රථ රියදුරෙකුට වවුනියාව මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චෙලියන්   විසින් ඊයේ ( 1 )   මරණ දඩුවම නියම කිරීමෙන් අනතුරුව වරදකරු අධිකරණ ශාලාව දෙවනත් වෙන අයුරුන් කෑ ගසා හඬා වැටීම නිසා  අධිකරණ කටයුතු විනාඩි 20ක් පමණ තාවකාලිකව නතරකිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

මහාධිකරණ විනිසුරුවරයා විසින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමගම මරණීය දණ්ඩනය හිමි වූ ත්‍රී රෝද රථ රියදුරා විනිසුරුවරයාට වැද වැටෙමින්  විලාප තබා හඬා වැටි   ඉල්ලා සිටියේ ඔහුට නිදහස ලබා දෙන ලෙසය.

2013-01-28 වෙනි දින ඉල ඇට කැඩී කැපුම් තුවාල තුනක් සහිතව මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහා මාර්ගයේ තිබී හමු වූයේය.   ඒ සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය විසින් සිදු කළ පරීක්ෂණ වලින් පසුව එම ඝාතනයට සම්බන්ධ ත්‍රී රෝද රථ රියදුරන් දෙදෙනෙකු අත් අඩංගුවට ගන්නා ලදී.

මියගිය පුද්ගලයාගේ රුධිර සාම්පලයක් හා අත් අඩංගුවට ගත් එක් ත්‍රී රෝද රථ රියදුරෙකුගේ ත්‍රී රෝද රථයේ තිබී හමු වූ ලේ බින්දු තුනක් එකිනෙකට ගැලපීම නිසා  ඝාතනය සිදු කළේ ඔහු බවට තහවුරු වූයේය.


දීර්ඝ නඩු විභාගයකින් පසුව පොලීසිය විසින් අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුට එරෙහිව චෝදනා ඔප්පු නොවීම නිසා ඔහුට නිදහස ලැබුණු අතර අනෙක් තැනැත්තාට මරණීය දඩුවම නියම වුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නඩුව නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ආරුමුගම් දර්ශන් සමඟ රජයේ අධිනීතිඥ දර්ශිකා තිරුකුමාරනාදන් විසින් මෙහෙයවන ලදී.

Exit mobile version