මම ගමට එන්නේ පරිසරය විනාශ කරන්න නොවෙයි… ගමේ මිනිස්සු ලස්සන කරන්න…

සමාජ මාධ්‍යජලා බොරු පතුරුවමින් ඉන්නවා... ජනපති මීමුරේ දී කියයි...

තමන් ගමට එන බව කී විට මේ පැමිණෙන්නේ පරිසරය විනාශ කිරීමට බව  සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බවත් තමන් ගමට පැමිණීමේ පරමරාථය ගම මෙන්ම ගමේ ජනතාව ද ලස්සන කිරීම බවත් ජනාධිපතිවරයා අද මී මුරේ දී පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර මීමුරේ ගම්මානය කේන්ද්‍ර කරගනිමින් පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනේදීය.

ජනාධිපතිවරයා එහිදී මෙසේ ද පැවසීය.


“මම මීමුරේ ට එනවා කියලා කිව්වාම සමාජ ජාල මාධ්‍යවල දාලා තිබුණා මේ පරිසරය විනාශ කරන්න එනවා කියලා. ඒක වැරැදියි. මේ ගම ලස්සන පෞරාණික ගමක්. ගම ලස්සන වගේම ගමේ ජනතාවත් ලස්සන වෙන්න ඕනේ. මම ගමට එන්නේ ගමේ මෙන්ම එහි ජනතාවගේ සංවර්ධනය උදෙසා ව්‍යාපෘති දියත් කිරීමටයි. සමාජ මාධ්‍ය ජාලාවල වැරදි ගෙනියනවා”.

” කයිකාවල පාසලේ දරුවෝ කිව්වා උසස් පෙළ ඉගෙන ගන්න හැතැක්ම ගාණක් ඈතට යන්න වෙනවා කියලා. අධ්‍යාපන ලේකම්තුමා ඉන්නවා. ඒක විසඳලා දෙන්න පුළුවන් නේද? පොඩි දරුවෝ ඉල්ලුවේ සෞන්දර්ය ගුරුවරයෙක්. ඒ වගේම පාසලේ ක්‍රීඩා පිටිය හදල දෙන්න වගේම තවත් ගොඩනැගිල්ලක් ඉදිකරන්න කියලා යුද හමුදාවට මම උපදෙස් දුන්නා.”

මෙහිදී ඊට පිළිතුරු දෙමින් අධ්‍යපාන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කර සිටියේ කෘෂි කර්මය, සංචාරක කර්මාන්තය, භූගෝල විද්‍යාව ඇතුළු විෂය කේෂ්ත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි කයිකාවල පාසලේ දරුවන්ට උසස් පෙළ විෂයන් සඳහා අධ්‍යාපන කටයුතු ආරම්භ කරලීමට හැකි වටපිටාව ඉක්මනින් සකස් කිරීමට අවශ්‍ය කටයුතු කර දෙන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීමුරේ ගම්මානයට පැමිණෙන මීමුරේ -උඩුදුම්බර මාර්ගයේ ප්‍රතිසංස්කරණ වැඩකටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වී තිබිණි.   ගම්මානයට ලංගම බස් රථයක් ද ලබා දීමට  ජනාධිපතිවරයා විසින් පියවර ගත්තේය.

Exit mobile version