මවයි දුවයි පහරදී කතක් මරුට

කාන්තාවන් තිදෙනෙකු අතර සිදු වූ ගැටුමකින් එක් කාන්තාවක් මිය ගොස් ඇතැයි හැටන් දිඹුලපතන පොලිසිය පවසයි.

හැටන් කොටගල ෆොරෙස්ට් ක්‍රීක් වතුයායේ පදිංචි විශ්වනාදන් අම්මා නමැති 42 හැවිරිදි කාන්තාවකි.

මියගිය කාන්තාවට පහරදුන් බවට සැක කෙරෙන කාන්තාවන් දෙදෙනාම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


ඔවුන් ද මියගිය කාන්තාව පදිංචි වතුයායේ නිවාස පේලියේ පදිංචිකරුවන් බවද දිඹුලපතන පොලිසිය පවසයි.

සැකකාරියන් දෙදෙනා මව සහ දියණිය බව ද බවද පොලිසිය කියයි.

මෙම කාන්තාවන් තිදෙනා අතර බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇති ඇතිවූ ගැටුමකදී සැකකාර මව සහ දියණිය විසින් සිදුකල පහරදීම හේතුවෙන් මියගිය කාන්තාවට බරපතළ ලෙස තුවාල සිදු වී ඇති බවද පොලිසිය පවසයි.

සැකකාර මව සහ දියණිය විසින් පහරදීම නිසා මියගොස් සිටින කාන්තාව සැකකාරියගේ මවගේ සැමියාගේ දෙවැනි බිරිද බවද පොලිසිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය පිළිබඳව දිඹුලපතන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version