මනෝ දෙමළ මන්ත්‍රිවරු වෙනුවෙන් ආණ්ඩුව සමග ඩීල් එකක

විපක්ෂයේ සිටින ද්‍රවිඩ දේශපාලන පක්ෂවල මන්ත්‍රිවරුන් ආණ්ඩුවට එක්වීම පිළිබඳව සිදු කරන සාකච්ඡාවල ද්‍රවිඩ පක්ෂ නියෝජිතයා ලෙස ක්‍රියා කිරීම මනෝ ගනේෂන් මන්ත්‍රිවරයාට භාර වී ඇති බව දේශපාන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මනෝ ගනේෂන් මහතා මේ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සමඟ මේ වනවිට සාකච්ඡා කිහිපයක්ද පවත්වා ඇති වව එම ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

ආණ්ඩුවේ ඉලක්කය වී ඇත්තේ මෙම මන්ත්‍රීවරුන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කරන දිනයේදී ආණ්ඩුවට එක් කර ගැනීම වන අතර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.


එහිදී මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා විසින් 20 වැනි සංශෝධනයේ වගන්ති කිහිපයක් ඉවත් කරන ලෙසත් 13 අහෝසි නොකරන ලෙසත් ආණ්ඩුවට යෝජනා කරනු ලැබ ඇති බව ද මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර 20 වැනි සංශෝධනයට ඡන්දය විමසන අතරේ සමගි ජන බලවේගයේ ප්‍රබලයකු ඇතුළු තවත් පිරිසක් ආණ්ඩුවට එක් වීමට සිටින බවද ලංකාසරට වාර්තා වේ.

Exit mobile version