මන්නාරම පෘතුගීසි කොටුව අසල දී තවත් සෙල්ෆි මරණයක්…

දිනසේන රතුගමගේ

මන්නාරම පෘතුගීසි කොටුවට නුදුරින් පිහිටි පාලමක් මත සිට ඊයේ (13) සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටි කාන්තාවක් මුහුදට වැටී   මියගොස් තිබේ.

ඇය මුහුදට වැටීමෙන් පසුව ඈත දියඹට ගසාගෙන ගොස් තිබූ අතර  පසුව ඇගේ මළ සිරුර මුහුදු වෙරළට ගොඩ ගසා තිබේ.

මියගිය කාන්තාව කවුරුන්දැයි මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මෘත ශරීරය මන්නාරම රොහල වෙත රැගෙන ගොස් ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මන්නාරම පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version