මන්නාරමේ සුළං විදුලියෙන් මෙගා වොට් 30ක් ජාතික විදුලි බල පද්ධතියට…

දිනසේන රතුගමගේ –

මන්නාරම සුළං බල විදුලි ව්‍යාපෘතියේ පලමු අදියරය යටතේ මෙගා වොට් 30 ක විදුලි බලධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට මේ මාසය ඇතුළත එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල අමාත්‍ය  ඩලස් අලහප්පෙරුම අද ( 1)   මන්නාරමේදී පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දැනට මන්නාරම ප්‍රදේශයේ ඉදිවන සුළං බල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම පිණිස මන්නාරමට පැමිණි අවස්ථාවේදීය.

2015 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන  135 ක වියදමකින් අක්කර 320 ක භූමි භාගයක කිලෝ මීටර් 12 ක් දුරට මේ බලාගාරය ඉදි වී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සුළං බලයෙන් ක්‍රියා කරණ කණු  33 ක් සහිතව ඉදිවූ මෙම බලාගාරය පරිසර හිතකාමී බලාගාරයක් වන අතර සුළං බලය නොමැතිව මෙගා වොට් 30 ක විදුලි බල ධාරිතාවයක් ඉන්ධන හෝ වෙනත් ටර්බයින් උපයෝගී කරගෙන නිපදවන්නේ නම් පරිසරයට නිකුත් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය  ටොන් 285 ක් බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි.

Exit mobile version