මන්ත්‍රි මුජිබර් පාර්ලිමේන්තුවට කොරෝනා රැකවරණයක් ඉල්ලයි

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියයි

කොරෝනා ව්‍යාප්තිය හමුවේ පාර්ලිමේන්තුව දැඩි අවදානම් සහගත තැනක් බවට පත්ව තිබුණ ද රජය මෙතෙක් ඒ අවදානම දුරු කිරීම සඳහා පියවර ගෙන නැති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ලංකාසරට පැවසීය.

මේ වන විට පාර්ලිමේන්තුවේ මාධ්‍ය කටයුතු ආවරණය කරන මාධ්‍යවේදීන් හතර දෙනෙකුට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙහි කිහිපදෙනෙකුට කොරෝනා වැළඳී ඇති බැවින් ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා පියවර ගන්නා ලෙස විපක්ෂය ඉල්ලා සිටියද අද වන තෙක් ඒ සම්බන්ධව විධිමත් පියවරක් ගෙන නොමැති බවට හෙටම චෝදනා කළේය.

ජනතාව සමග කටයුතු කරන ඇමැතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු PCR පරීක්ෂණවලට ලක් කර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීම රජයේ වගකීමක් වුවත් අද මේ රජය එහි වගකීම පැහැර හරිමින් කටයුතු කරන බව ඒ මහතා පෙන්වා දුන්නේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීළඟ පාර්ලිමේන්තු සැසිය ලබන දොළොස් වන දා ආරම්භ වන බැවින් එදිනට පෙර පරීක්ෂණ සිදුකර පාර්ලිමේන්තුව තුළ ඇති කොරෝනා බිය නැති කිරීමට රජය පියවර ගතයුතු බව මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version