මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පාස්කු වින්දිතයන් වෙනුවෙන් යුක්තිය පතා පාප් වහන්සේ හමුවේ….

සංදේශයක් භාර දී යුක්තිය ඉටුකරගැනීම සඳහා මැදිහත් වෙන්නැයි අයැද  සිටී...

කීර්ති ප්‍රනාන්දු –

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අද (30)  ශුද්ධෝත්තම පාප්වහන්සේ හමු වී පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කරගැනීම සඳහා  මැදිහත්වන ලෙස ඉල්ලා සිටිමින් සංදේශයක් පිලිගන්වා    තිබේ.

එම හමුවට දෙදිනකට පෙර පාප්වහන්සේගේ ලේකම් පියතුමා සමග දීර්ඝ සාකච්ඡාවක් සිදුකර ලංකාවේ  දුක්ඛිත තත්වයත්, පාස්කු ප්‍රහාරයෙන් තෙවසරකට පසුව වුවද වින්දිතයන්ට යුක්තිය සාධාරණය ඉටු නොවුණු ආකාරයත් සාකච්ඡා කළ බව මේ පිළිබඳව කළ විමසීමක දී මන්ත්‍රීවරයා පැවසීය. එහිදී ඔවුන්ට සාධාරණය ඉටු කර දීම සඳහා වතිකානුවේ සහ ජාත්‍යාන්තරයේ අවධානය යොමුකළ හැක්කේ කෙසේ ද යන්න දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ඔහු කීවේය.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම හමුවට අවස්ථාව ලැබුණු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.  තමන් පාප්වහන්සේ හමුවන අවස්ථාව වනවිට මෙම හමුවේ පසුබිම සහ ලංකාවේ තත්වය සම්බන්ධව දීර්ඝ සහ පුලුල් දැනුම්වත් කිරීමක් ලේකම් හිමියන් විසින් පාප්වහන්සෙට ලබා දී තිබූ බවත් මන්ත්‍රීවරයා කීවේය.


“අද දිනයේ අප ශුද්ධෝත්තම පාප්වහන්සේව මුණගැසුණා.  එහිදී විශේෂත්වය වුනේ උන්වහන්සේට  සන්දේශයක් ලබා දෙන්න හැකිවීම. එහිදී මා ඉල්ලා සිටියේ  උන්වහන්සේගේ මගපෙන්වීම, ආශීර්වාදය ලංකාවට යොමු කරමින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන සැලසීම සඳහා උන්වහන්සේගේ මැදිහත්වීම කරන්න කියන එක.“

“ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා අවුරුදු තුනක්  වෙනවා මේ වනවිට. මේ කාලය තුළ මේ රටේ දේශපාලකයන්ට ශුද්ධෝත්තම පාප්වහන්සේ  මුණගැසුන පලවෙනි වතාව තමයි මේ.

මින් පෙර අති උතුම් කාදිනල් තුමා උන්වහන්සේව මුණ ගැසුණා. දේශපාලකයෙක් ලෙස මුණගැසුනෙ මා පමණයි.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඒක කලාතුරකින් ලැබෙන අවස්ථාවක්.“ මන්ත්‍රීවරයා කීවේය.

 

 

 

Exit mobile version