මන්ත්‍රීවරියෝ තැඹිලි පාට වෙති

කාන්තාවන්ට සිදුවන හංසනයන් සම්බන්දයෙන් විරේාධය සහ සමාජ අවදානය දැක්වීමේ අරමුණින් පාරලිමේන්තු මන්ත්‍රීවරියෝ අද තැඹිලි පැහැ සාරිවලින් සැරසී මැතිසබයට පැමිණ තිබේ. අධ්‍යාපන කාන්තා සහ ළමා සහ සාජ සුබසාධන අමාත්‍යංශවල වැය ශීර්ෂ අද පාර්ලිමෙන්තුවේදී විවාදයට ගැනෙන අතර ඒ සඳහා සහභාගී වීමට පැමිණි මන්ත්‍රිවරියෝ තැඹිලි පැහැයෙන් සැරසී පැමිණියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සබානායක සහ අද්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රෙමජයන්ත මහතා මේ පිළිබඳව සභාවේද අවධානය යොමු කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ප්‍රකාශ කලේ කාන්තා හිංසනය පිළිබඳව අවධානය යොමු කරමින් එයට විරෝධය දැක්වීමේ සංකේතයක් ලෙස මෙලස මන්ත්‍රීවරියන් තැඹිලි පැහැ සාරියකින් සැරසී පැමිණි බවයි.

Exit mobile version