මනම්පිටියේ බිත්තර රත්තරන් මිලට නැගලා… හංගලා විකුණන බිත්තරයක මිල රුපියල් 60ට වැඩියි…

මනම්පිටිය නිමල් ජයරත්න – 

පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ නගර හා ගම්මාන ආශ්‍රිත බොහෝ සිල්ලර හා තොග වෙළඳසැල්වල  රුපියල් 60කට අධික මුදලකට බිත්තර අලෙවි කරන නිසා දැඩි පාරිභෝගික පිරිස් දැඩි අසීතරුතාවයකට  පත් වී සිටිති.

පවතින බිත්තර හිඟය නිසා සමහර වෙළඳසැල් හිමියන් බිත්තර සඟවා තම හිතවතුන්ට පමණක් වැඩි මිලට ලබාදීමට කටයුතු කරන බවද පාරිභෝගිකයෝ මැසිවිලි නගති,

බොහෝ වෙළඳුන් හෝටල් හිමියන්ට පමණක් බිත්තර නිකුත් කරන අතර වැඩි මිලට බිත්තර අලෙවි කිරීම නිසා බිත්තර ආප්පයක මිලද රුපියල් 130 දක්වා ඉහළ ගොස් ඇති බව පොළොන්නරුව, දිඹුලාගල, අරලගංවිල, මනම්පිටිය ඇතුළු අවට ගැමියෝ කියති.

දිඹුලාගල, මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ආහාර වේලට  දිගුකලක සිට බිත්තර ලබාදීමට නොහැකි වූ බවත්, සතියකට තුන්වරක් එම රෝගීන්ට බිත්තර ලබාදීමට නියමිතව තිබුණද බොහෝ අවස්ථාවලදී වැඩි මිලට බිත්තර ලබාගෙන ඔවුන්ට සතියකට එක්වරක් හෝ ආහාර වේලකට බිත්තරයක් එකතු කරන බවත්   එම රෝහල සඳහා ආහාර සපයන්නන්ගෙන් අප කළ විමසීමකදී සඳහන් කළේය


මහවැලි බී කලාපයේ ප්‍රාථමික පාසල් සඳහා ආහාර සපයන්නෝ ද එම ගැටළුවට මුහුණ පා සිටිති..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සඟවාගෙන බිත්තර අලෙවිකරණ සහ වැඩි  මිලට බිත්තර අලෙවිකරණ වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තමන්ට සාධාරණ මිලට බිත්තර ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසද   පාරිභෝගික ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Exit mobile version