මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලිඳුළ නගරසභා සභාපතිගේ ධුරය අත්හිටුවයි..

ලිඳුල නගරසභා සභාපති අශෝක සේපාල

නීති විරෝධි ලෙස සේවකයින් සේවයට බඳවා ගැනිම, විධිමත් ටෙන්ඩර් පටිපාටියක් ක්‍රියාත්මක නොකර නගර සභාව සතු ඉඩම් සහ ගොඩනැගිලි තාවකාලිකව බදුදීම, නිවැරදි පටිපාටියකින් තොරව ටෙන්ඩර් කැඳවීම, නගර සභා සිමාව තුළ ඉදිකර ඇති අනවසර ඉදි කිරිම් නතර කිරිමට පියවර නොගැනීම, නිති විරෝධී ලෙස නගර සභාවට ලේකම්වරයෙකු පත් කර ගැනිම යන චෝදනා ඇතුළු දූෂණ චෝදනා 8ක් සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කරමින් මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ   විසින්  අද  (28) සිට තලවකැලේ ලිදුල නගර සභාවේ වත්මන් සභාපති (එජාප) අසෝක සේපාලගේ සභාපති ධුරය   තාවකාලිකව අත්හිටවූයේය.

විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින්  මෙම තාවකාලික අත්හිටවීම   ප්‍රකාශ කළ ආණ්ඩුකාරවරයා පරීක්ෂණ කටයුතු සඳහා විශේෂ කොමිසමක් පත්කර ඇති බව කීවේය. 

මේ සම්බන්ධයෙන්  අසෝක සේපාලගෙන් කළ විමසුමකට ඔහු පැවසුවේ තම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු විසින් තමන්ට එරෙහිව 2019 වසරේ මැයි මාසයේ චෝදනා 8 ක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට සහ පළාත් පාලන ආයතන කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු බවය.
එම පැමිණිල්ලට අදාළව පරික්ෂණයක් පැවැත්වු බවත් එම පරික්ෂණ වාර්තාව ඉදිරිපත් නොකර එම චෝදනාවලටම යළිත් පරික්ෂණයක් පැවැත්විම සඳහා කොමිසමක් පත්කර තමන්ගේ ධුරය තාවකාලිකව අත්හිටුවා තිබෙන බවද  ඔහු පැවසුවේය. මෙය දේශපාලන පලි ගැනීමක් බවත් තමන් ඕනෑම පරීක්ෂණයක් සඳහා සූදානම් බවත් අශෝක සේපාල වැඩිදුරටත් කීවේය. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ක් සහිත චෝදනා පත්‍රයක් තමන් වෙත ඉදිරිපත් කර ඇති බවද අශොපැවසුවේ

Exit mobile version