මධ්‍යම පළාත් එස්.ඩී.අයි.ජී. ගේ තෙල් කොන්ත්‍රාත් එකක් කරන්න ගිය එස්.අයි ට එරෙහි විමර්ශනයක්!

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා දැනුම් දුන් බව පවසමින් තැන්නේකුඹුර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හළකට මෝටර් රථයක් ඇතුළුකොට ඉන්ධන ලබා ගනීමට උපකාර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්  මහනුවර රථ රථවාහන පොලිසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ වී තිබේ.

වාහන අංක තහඩුවේ අවසන් අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ පසුගිය 26 දින ඉන්ධන නිකුත් කිරීමට අවසර ලබාදී තිබුණේ  0,1 හා 2 අවසන් අංකය ලෙස පවතින වාහන වලට බවත් එසේ තිබියදී අදාළ නිලධාරියා අවසන් අංකය 07 ලෙස දක්වා තිබූ මෝටර් රථයක් ඉන්ධන පිරවුම් හළට පෝලිමෙන් පිට ඇතුළු කර එයට ඉන්ධන ලබාදෙන ලෙස දැනුම් දී තිබෙන බවත් ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය පරිපාලක ආනන්ද සනත් කුමාර  පැවසීය.

එම අවස්ථාවේ ඉන්ධන හළේ තමන්ද සිටි බවත් පෝලිමෙන් පිට අදාළ නොමැති අංකයක් සහිත වාහනයක් ඇතුළු කිරීම සම්බන්ධව මතුවූ ජනතා විරෝධය හමුවේ ඒ සම්බන්ධව කළ විමසීමේදී  මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කළ දැනුම් දීමකට අනුව එම රථය යොමු කළ බව උප පොලිස් පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ යැයි ඒ මහතා කීය.

‍පොම්පකරුවන් එම රථයට ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතත් අදාළ උප පොලිස් පරීක්ෂකවරයා මැදිහත්ව එයට ඉන්ධන ලබාදී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්ධන පිරවුම්හළේ කළමනාකාරීත්වය විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Exit mobile version