මද්‍රසා පැසල් පාලනය කරනවා…. එය රජයේ වගකීමක් හා යුතුකමක්…

අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස්...

මද්‍රසා පාසල් පාලනය කිසිම ආකාරයකින් නීති විරෝධී නොවන බවත්, . වෛරය, ක්‍රෝධය, විරසකය වපුරන්නේ නම් රටේ එකමුතුභාවයට තර්ජනයක් වෙමින් මේ මද්‍රසා පාසල් පවත්වාගෙන යනවා නම්  එම ආයතන පිළබඳ කටයුතු කිරීමට    රජයට අයිතියක්  පමණක් නොව වගකීමක් හා යුතුකමක් ද ඇති බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසීය.

අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/03/15වන දින බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

“ මද්‍රාසා ආයතන 2000කට ආසන්න ව නැත්නම් සංඛ්‍යාත්මක ව 1965ක් විතර මේ ‍රටේ ක්‍රියාත්මක වෙනවා. මේවා පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට, මේවා මොනවා ද, උගන්වන්නේ මොනවාද, කවුද? වැනි දේවල් සොයා බලන්නට යහපාලන රජය කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. පිටරටින් මද්‍රසාවලට ගුරුවරු  600ක් විතර ආවා ඒ කාලය තුළ. ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සිටින විට මේ විදියට එන්න ඉඩ ලැබුණේ නැහැ. ඒ කාලේ ආගමන විගමන නිලධාරීන් සහ බුද්ධි අංශය අතර හොඳ සබඳතාවක් තිබුණා.“


“මේ ආයතනවලට ඇවිත් උගන්වන්න කවුරු හරි වීසා බලපත්‍රයක් ඉල්ලනව නම් ඒ අයගේ ඉතිහාසය විස්තර සහිත ව සොයා බැලුවා. ඒ සියල්ලක් ම යහපාලන රජය අහෝසි කළා. ගුවන්තොටුපළේ දී ම ඒ අයට වීසා ලබා දීමට යහපාලන රජය කටයුතු කළා. කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතුව, විමර්ශනයක් කරන්නේ නැතුව ක්ෂණික ව ගුවන්තොටුපළේ දී ම වීසා දුන්නා. ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්ත වුනේ ඒ පරිසරය තුළයි.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මං දැක්ක විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙක්, යහපාලන රජය සමයේ හිටපු ඇමතිවරයෙක් කියලා තියෙනවා මේවා පාලනය කිරීම නීති විරෝධීයි කියලා. ඒ පාලනය කිසිම ආකරයකින් නීති විරෝධී නෑ. එය රජයේ වගකීමක්. යුතුකමක්. ඒ වෙනුවෙන් රජය ක්‍රියාත්මක වෙනවා…. ඇමතිවරයා වැඩිදුරටත් යැයි පැවසීය.

Exit mobile version