මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 8000ක් සෑම වසරකම පුනරුත්ථාපනය කිරීමේ අඛණ්ඩ සැලසුමක්!

මෙතෙක් වසරකදී දෙදහස් හත්සියයකට ආසන්න පිරිසක් පුනරුත්ථාපනය කළ වැඩපිළිවෙළ තව දුරටත් ඉදිරියට ගෙන යමින් මත්ද්‍රව්‍ය සඳහා යොමුව සිටින පුද්ගලයින්   අටදහසක් වසරකට පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට  සැලසුම් සකස් කොට ඇති බව සිරකරුවන් පුනරුත්ථාපන  සහ බන්ධනාගාර කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසයි.

මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොමුව සිටින පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ වැඩි පිරිසක් පුනරුත්ථාපනය සඳහා යොමුකොට රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය ලබාගැනීමට හැකි වැඩසටහන් සැලසුම් කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම කීය.

මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ පිරිස් බන්ධනාගාර ගත කරනවා වෙනුවට කළ යුත්තේ පුනරුත්ථාපනය කරමින් ඔවුන්ගේ ශ්‍රම දායකත්වය රටේ සංවර්ධන කටයුතු සඳහා යොමුකරවීම බවද හෙතෙම අවධාරණය කළේය.


ඉදිරි වසරේ වැඩ කටයුතු සැලසුම් කිරීම සම්බන්ධයෙන් පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යංශයේ දී ඉකුත්දා   පැවැති රැස්වීමකදී හෙතෙම එසේ කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ඩී ඇල් සිල්වා පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි   සහභාගි වී සිටියහ.

Exit mobile version