මත්තල රාජපක්ෂ ජාත්‍යාන්තර ගුවන් තොටුපල – මෙහෙයුම්  වියදම මෙහෙයුම් ආදායමට වඩා 26 ගුණයක් වැඩියි…

හදන්න පටන් ගත් අවස්ථාවේ සිට සල්ලි පිල්ලි ගැසූ මත්තල සොහොන් ලකුණ ගැන අලුත්ම විගණන වාර්තාව හෙළි කරන කතාව….

ලලිත් චාමින්ද –

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ  ඉකුත් වර්ෂයේ දි (2022) මෙහෙයුම් වියදම රුපියල් මිලියන 2,033ක් වු අතර  එය මෙහෙයුම් අදායමට වඩා විසිහය ගුණයක් බැව්  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

ඉකුත් වර්ෂයේ දි (2022) මත්තල ගුවන්තොටුපොළ ලබා ඇති පාඩුව රුපියල් මිලියන 22,214කි. මේ සඳහා විදේශ විනිමය අලාභය ප්‍රධාන වශයෙන්  හේතුවි ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 

ඉකුත් වර්ෂ 06 තුළ (2017සිට 2022)  මත්තල ගුවන්තොටුපොළ ලබා ඇති අලාභය රුපියල් මිලියන 42,818ක් බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙම ගුවන්තොටු පළේ අපේක්ෂිත  වාර්ෂික මගී ධාරිතාවය  මිලියනයක් පමණ වුවද  ඉකුත් වසර 06 තුළම මත්තල ගුවන්තොටුපල හරහා ගමන්කොට ඇති මුළු ගුවන් මගින් සංඛ්‍යාව 103,324ක් බව විගණනයකියයි. වසර 06ටම සිදුකළ මුළු ගුවන් ගමන් සංඛ්‍යාව 2,612කි. 

ගුවන්තොටුපල ඉදිකිරිම සඳහා   රුපියල්  මිලියන 36,564ක වියදමක් දරා ඇති අතර එම මුදල පලදායි ලෙස භාවිතා කොට නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. 


ගුවන්තොටුපළේ ඉදිකිරිම් සඳහා ලබාගත්  ඩොලර් මිලියන 190ක  ණය සදහා වාර්ෂික ණය වාරිකය ලෙස  රුපියල් මිලියන 1,842ක මුදලක්  ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් ගෙවා තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තොරතුරු සදහන් වන්නේ ගුවන්තොටුපළ සහ  ගුවන්සේවා  පුද්ගලික සමාගමේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුලත්කරණු ලැබ ඇති  විගණන වාර්තාවේය. 

Exit mobile version