මත්කුඩු ග්‍රෑම් 382ක් ලඟ තබා ගත් අයෙක් අවුරුදු 20ක නඩු විභාගයකින් පසු පෝරකයට…

ලලිත් චාමින්ද –

හෙරොයින් මත්කුඩු ග්‍රැම් 382ක් ළග තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්දයෙන් පුරා වසර විස්සක් තිස්සේ ඇසූ නඩුවකින් පසු වරදකරුවු  විත්තිකරුවෙකුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පි.එස් නිස්සංක  විසින් අද (12)  මරණිය දණ්ඩනය නියම කළේය.

මෙසේ මරණිය දණ්ඩනය  නියමවුයේ කුරුදුවත්ත, ගොනාමුල්ල ප්‍රාදේශයේ පදිංචි 51 හැවිරිදි වියේ පසුවන අයෙකුටය.

මෙම විත්තිකරු 2001 වර්ෂයේ මැයි මස 05 වැනිදින හෙරොයින් ග්‍රැම් 382ක් සමග මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගනු ලැබිය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 31කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනිම හා ජාවාරම් කිරිම සම්බන්ධයෙන් මොහුට විරුද්ධව ගාල්ලමහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබුණි. වසර 20ක් තිස්සේ  පවැති දිර්ඝනඩු විභාගයකින් පසු  අද (12) මේ සම්බන්දව තින්දුව ලබාදෙනු ලැබීය.

Exit mobile version