මත්කුඩු කිලෝ සියගණනක් එක්ක ලංකාවේ ධීවර බෝට්ටු 3ක් ඉන්දීය දැලේ

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ විසින්ජම් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී එරට වෙරළාරක්ෂක බලකාය විසින් මත්ද්‍රව්‍ය රැගෙන යන ශ්‍රී ලංකා බෝට්ටු තුනක් සහ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී ඇති මෙම බෝට්ටුවලින් කොකේන් කිලෝග්‍රෑම් දෙසියයක්, හෂිෂ් කිලෝග්‍රෑම් 60 ක් සහ උපකරණ කිහිපයක් අත්අඩංගුවට ගත් බව වෙරළාරක්ෂක බලකාය පවසා ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් මත්කුඩුවල වෙළඳපල වටිනාකම වෙරළාරක්ෂක බලකාය විසින් හෙළිකර නැත.


වෙරළාරක්ෂක බලකාය විසින් බෝට්ටු වටකරන විට විශාල මත්කුඩු ප්‍රමාණයක් මුහුදට දමා ඇත.

බෝට්ටුවල 19 දෙනෙකු ගොස් ඇති අතර ඔවුන්ගෙන් හත්දෙනෙකු මුහුදට පැන ඇත.

ඔවුන් සොයා ගැනීම සඳහා දේශීය ධීවරයින්ගේ සහාය ඇතිව සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මූලික වාර්තාවලට අනුව මෙම යාත්‍රා කර්නාටක සහ ගෝවා වෙරළ තීරයට ගොස් පසුව යාත්‍රා තුනම විසින්ජම් වෙත ගෙන එන ලදී.

Exit mobile version