මණ්ඩලයෙන් ශත 16ට දෙන වතුර ලීටරය මිල වැඩියි කියන්නේ රුපියල් 150ට සුපර් මාර්කට් එකෙන් වතුර ලීටරයක් ගන්න අය!

ජලය ලීටර 20000ට අඩු මාසික පරිභෝජනයක් තියන අයට මිල වැඩි වෙන්නේ නෑ.... ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් කියයි!

ජල බිල්පත වැඩි කිරීමෙන් බලපෑමට ලක්වන බොහෝ පිරිසක් සුපිරි වෙළෙඳ සැල් වලට ගොස් ලීටරයක පානීය ජල බෝතලයක් රුපියල් 150 කට මිල දී ගන්නා අය බව  ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසයි.

මෙම මිල ඉහළ දැමීම මගින් මාසයකට ජලය ලීටර් 20000 කට අඩුවෙන් පාවිච්චි කරන සමස්ත ජල පරිභෝගිකින් ගෙන් 80 % ක් වන පිරිසට බලපෑමක් ඇති නොවන බවත් මේ නිසා ඔවුන් ඒ සම්බන්ධයෙන් හඬ නොනගන බවත්  කියයි.

මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේ දී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් තොණ්ඩමන් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහි දී ඇමැතිවරයා මෙසේද කීවේය.


“ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලය පිරිසිදු පානීය ජල ලීටරයක් සත 19 කට ලබා දෙද්දී එම ජලයෙන් බෝතල් කළ වතුර ලීටරයක් රුපියල් 150 කට ගන්නා අයත් ඉන්නවා. මේ වනවිට රටේ දිස්ත්‍රික්ක පහක පානිය ජල හිඟයක් තිබෙනවා. මේ දිස්ත්‍රික්ක පහ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ජල ටැංකි ස්ථාපිත කරමින් ඔවුන් ගේ පානය ජල ප්‍රශ්නයට විසඳුම් සොයන්න කටයුතු කරමින් ඉන්නවා. “

“මම විපක්ෂයට කියනවා මේක දේශපාලනීකරණය කරන්න එපා කියලා. ජලය බෙදා හැරීම සහ පරිපාලනය සම්බන්ධයෙන් වගකීම තිබෙන්නේ මට යි. නියඟය සම්බන්ධයෙන් මට වගකීමක් නැහැ. ඒක ස්වභාවික සංසිද්ධියක්. විපක්ෂය හැමදේම දේශපාලනීකරණය කරමින් ප්‍රශ්න ඇති කරන්න හදනවා. මේ වෙලාවේ විදුලිය නිෂ්පාදනයත් විශාල ගැටලුවක්. පානීය ජලය සැපයීමත් නියඟය නිසා ප්‍රශ්නයක්. මේ නියඟය ලෝකයේ අපි ඉන්න කලාපයට   පොදු තත්ත්වයක්.”

“ වතුර බිල වැඩිවෙලා කියලා මිනිස්සු කලබලයට පත්වෙල කියලා කියන්නේ කොහොමද?. බි ල වැඩි කරලා තාම ගත්වෙලා බිලපතක්  ඇවිල්ලාවත් නැහැ. බොහෝ අය තීන්දු තරණ ගන්නේ ඡන්ද ගැන හිතලයි. මම තීරණ ගන්නේ ඒ වගේ පටු අරමුණු සඳහා නොවෙයි. ඊළඟ මැතිවරණය පරිදියිද නැද්ද කියලා හිතමින් තීරණ ගන්නේ නැහැ. වැරදි දේ කරලා ඡන්දය දින්නත් වැඩක් නැහැ. ජනාධිපතිවරයා මට මේ වගකීම භාර දුන්නේ හරි දේ කරන්නයි.  විදුලි බිල 66 % කින් වැඩි කළා. ජල බිල්පත වැඩි කරන්ක කියලා පහුගිය පෙබරවාරී මාසේ මම කිව්වා. ඒකට විරුද්ධව විශාල හඬක් ගෙන ගියා.

ජලසම්පාදන මණ්ඩලය  මාසයකට රුපියල් මිලියන 425 ක්  පාඩු ලබනවා. මේ ආයතනයේ සේවකයෝ 2300 ක් ඉන්නවා. ඒ අතරින් 70 % කට කුසලතා නැහැ. යතුරු පැදියෙන් ගිහින් වතුර බිල් දෙන සේවකයාට   මාසයකට රුපියල් ලක්ෂ 1 1/2 ක් ගෙවනවා.

අස්වැසුම ලැබෙන අයටත් යුනිට් 20 ට අඩුවෙන් ජලය පාවිච්චි කරන අයට බිල වැඩි වෙන්නේ නැහැ. ලීටර් 20000 ක් පාවිච්චි කරනවා නම් උපරිම බිල එන්නේ රුපියල් 2500 යි. ජල පාරිභෝගිකයින් ගෙන් 80 % ක් වැටෙන්නේ මේ කාණ්ඩයට යි.

වතුර බිල වැඩි කිරීමෙන් ලොකුවට කලබල වෙලා ඉන්නේ ඉහළම ජල පරිභෝජනයක් කරන 5% ක වගේ පිරිසක්. පිරිසිදු පානීය ජලය වාහන හෝදන්න, සතුන්  නාවන්න, මල් පැල වලට දාන්න ඇයි යොදා ගන්නේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මණ්ඩලය ජලය ලීටර් එකක්  සත 19 කට තමයි දෙන්නේ.  මේක වැඩියි කියලා කියන අය රුපියල් 150 ක් දීලා ලීටරයක් සුපර් මාර්කට් එකෙන් ගන්න අය ඉන්නවා.

Exit mobile version