මඩ වැලි තැවරී දුර්වර්ණ නොවුන අධි බල ක්ලෙමෝ බෝම්බයක් යාපනයෙන් සොයා ගනී!

කවුරුන් හෝ ගෙනත් දාන්න ඇති... ආරක්ෂක අංශ කියයි...

දිනසේන රතුගමගේ –

එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින්ම නිෂ්පාදනය කොට භාවිත කරණ ලද බවට සැකකෙරෙන කිලෝ ග්‍රෑම් 20 ක් පමණ බර අධිබලැති ක්ලේමෝ බෝම්බයක් යාපනය  කයිට්ස්  වේලනයි, අම්බිකා නගර් ප්‍රදේශයේ තිබී  21 දා ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබේ.

මෙම ක්ලේමෝ බෝම්බයේ මඩ හෝ වෙනත් ද්‍රව්‍ය ගෑවී නොමැති නිසා  කවරෙකු විසින් හෝ මෙම ස්ථානයට එම ක්ලේමෝ බෝම්බය ගෙනැවිත් දමන්නට ඇති බව ආරක්ෂක අංශ විශ්වාස කරයි.

ක්ලේමෝ බෝම්බය විනාශ කිරීම සදහා එය යාපනය පලාලි හමුදා කඳවුර වෙත රැගෙන ගොස් තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය කයිට්ස් පොලීසිය විසින් සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version