මඩකලපු දුම්රියේ ගැටුණු ඇතින්නකට අසාධ්‍යයයි!… පණ අදින ඇතින්න අසල අලි පැටියෙක් ගැවසෙමින් ඉඳලා…

මනම්පිටිය නිමල් ජයරත්න – 

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමි දුම්රියේ මනම්පිටිය සාම පාලම අසලදී ඇතින්නක් ගැටීමෙන්, එම ඇතින්න බරපතල තුවාල ලබා ඇති බව මනම්පිටිය වනජීවී නිලධාරීන් සඳහන් කරයි,

ඇතින්න දුම්රියේ ගැටීමෙන් පසු අලි පැටියෙකු ඒ අසල පැය කීපයක් සැරිසරා ඇති බවද මනම්පිටිය වනජීවි නිලධාරීන් සඳහන් කරයි.

මෙලෙස දුම්රියේ ගැටී බරපතල තුවාල ලබා ඇති ඇතින්නගේ වයස අවුරුදු 25ක් පමණ බවත්, එම ඇතින්න දුම්රිය ගැටීමත් සමඟ දුම්රිය මාර්ගයෙන් ඉවතට වැටී කටුකම්බි ගාලක පැටලී ඇති බවද පරීක්ෂණ සිදුකරන වනජීවී නිලධාරීන් සඳහන් කරති,

මෙම ස්ථානයේ මීට පෙර අවස්ථා කිහිපයකදීම අලි කිහිපදෙනෙකු දුම්රියේ ගැටී මියගොස් ඇති බවද වනජීවි නිලධාරිහු  සඳහන් කරති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අසාධ්‍ය තත්ත්වයේ පසුවන වන ඇතින්නට ප්‍රතිකාර කිරීම කටයුතු , වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය
අනූෂා ද සිල්වා   ඇතුළු, ගිරිතලේ හා මනම්පිටිය වනජීවී නිලධාරීන් විසින් ආරම්භ කළහ.

Exit mobile version