මට මුදල් කමිටුවේ සභාපති වෙන්න බැරි ඇයි?… හර්ෂ කථානායකගෙන් අසයි…

මුදල් කමිටුවේ සභාපතිවරයා පත් කර ගැනීමේ දී විපක්ෂයෙන් තම නම යෝජනා කර තිබියදී, පොහොට්ටුවේ සාමාජිකයින් මයන්ත දිසානායකගේ නම යෝජනා කළ බවත්, අනතුරුව කථානායකවරයා හා මයන්ත දිසානායක දුරකථන ඇමතුමක් ඔස්සේ සාකච්ඡා කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා  හෙළිදරව් කළේය.

2020 පාර්ලිමේන්තුවට පැමිණි පසු ස්ථාවර නියෝග යටතේ විපක්ෂය නියෝජනය කරමින් තමන්ව මුදල් කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කළ බව ඔහු සඳහන් කළේය.

අනතුරුව කථානායකවරයා විසින් ස්ථාවර නියෝග අත්හිටුවන ලද අතර පොහොට්ටුවේ අයම මුදල් සම්බන්ධයෙන් කටයුතු කළ බවත්, දත්ත හා සාක්ෂි සහිතව කිසිදු විවාදයක් නොකර ගත් මුදල් තීරණ හරහා රට බංකොලොත් කළ බවත් ඔහු චෝදනා කළේය.

රටේ සිදු වූ ආර්ථික බංකොලොත්භාවයෙන් පසු කිසිවෙකුගේ විරෝධයකින් තොරව තමාව මුදල් කමිටුවේ සභාපතිවරයා බවට පත් කළ බව ඔහු පැවසීය.


“මුලින්ම ගල් අඟුරු ප්‍රශ්නයක් මතු වුණා.. ඊට පස්සේ බීඕඅයි සභාපතිගේ ප්‍රශ්නයක් මතු වුණා.. කොම්පැනියකට අවුරුදු 16ක බදු නිදහසක් දුන්නා.. ඒ මාසේම දේශීය ආයෝජකයිගේ බදු සහන ඉවත් කරලා සීයට 30ක බද්දක් ගැහුවා.. මම ඇහුවේ එක ප්‍රශ්නයයි.. මොකක්ද මේකෙන් භාණ්ඩාගාරෙට ලැබෙන වාසිය කියලා.”

“තුන්වෙනියට මම මහබැංකු අධිපති, ආර්ථික විශේෂඥයින් කැඳවලා ආදායම, වියදම හා ණය සම්බන්ධයෙන් සාකච්ඡා කළා… රට වෙනුවෙන් මම ප්‍රශ්න අහනවා.. මට ආර්ථික විද්‍යාව ගැන යම්කිසි අත්දැකීමක් හෝ දැනුමක් තියෙනවා..”

“මුදල් කමිටුවේ සභාපතිත්වය සම්බන්ධයෙන් ඉන් අනතුරුව යළි ගැටලු පැන නැඟුණු අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ විවාදයක් ඇති වූ අතර. එහිදී විපක්ෂයෙන් තමාගේ නමත් පොහොට්ටුවෙන් මයන්ත දිසානායකගේ නමත් යෝජනා වූ බව හර්ෂ ද සිල්වා   සඳහන් කළේය.

“මයන්තට ඔබතුමා කෝල් එකක් ගත්තද? ඔබතුමාට මයන්ත  කෝල් එකක් ගත්ත ද දන්නේ නෑ.. ඒත් මයන්ත එක්ක ඔබතුමා සාකච්ඡාවක් කළා.. ඒක කළ යුතු දෙයක් නෙමෙයි.. දැන් මේක දිගටම යනවා.. සභාපති කෙනෙක් නැතුව මේ වැඩේ කරන්න බෑ.. කව්රු හරි කෙනෙක් පත් කරන්න.. මහබැංකුවේ පනත සම්මත කරනවා අද.. හොඳ තීරණවලට අපි එකඟ වෙනවා.. ජනාධිපති, විපක්ෂ නායකයයි එකඟ වෙලා තියෙන්නේ මේ පනත ගැන සම්මුතියකට එන්න.. ඒ දේ කරන්න.. මට ඔබතුමාගෙන් එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා.. ඇයි මට බැරි සභාපති වෙන්න…?”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හර්ෂ ද සිල්වා  වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

Exit mobile version