මටවත් කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටවත් කොවිඩ් නෑ… කතානායක කියයි…

මෙතෙක් තමන්ට නිරෝධායනයවන ලෙස හෝ පී.සී.ආර් පරීක්ෂණයකට ලක්වන ලෙස සෞඛ්‍ය අංශ විසින් දැනුම් දී නැතැයි කතා නායක මහින්ද යාපා අබේවර්ධන ලංකාසරට පැවසීය.

මීට මාසයකට පමණ ඉහත තමන් පී.සී.ආර් පරීක්ෂණයකට ලක් වූ බවත්, නැවත පී.සී.ආර් කළ යුතු බව සෞඛ්‍යය නිලධාරීන් ඉල්ලා සිටින්නේ නම් ඕනෑම අවස්ථාවක ඒ සඳහා ඉදිරිපත් වීමට සූදානම් බවත් කතානායකවරයා  සඳහන් කළේය.

කතානායකවරයාට හා ඔහුගේ කාර්යමණ්ඩල නිලධාරීන් පිරිසකට කොවිඩ් වැළඳී ඇති බවට පලවන ප්‍රවෘත්තියක් පිළිබඳව ලංකාසර කළ විමසීමකට පිළිතුරු දෙමින් මේ බව සඳහන්කළ ඒ ඔහු තමාට හෝ තම කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට කොරෝනා වැළඳී නැති බව තහවුරු කළේය.


තම ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ බව පවසන කතානායකවරයා තමා සහ කාර්යමණ්ඩලය සම්බන්ධව පලවන ප්‍රවෘත්ති මුලුමනින්ම අසත්‍යබව වැඩිදුරටත් කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කාර්යමණ්ඩලයේ  25ක් 30ක් කොරෝනා වැළඳී නිරෝධායනයට ලක් කර ඇති බවත්, තමාද ඒ අතර සිටින බවත් තමාටද කොරෝනා වැළඳී ඇති බවට දින කීපයක සිට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පලවන කිසිවක් සත්‍ය නොවන බවත් පැවසූ කතානායකවරයා වගකීම් සහගත වෙබ් අඩවියක් ලෙස මේ පිළිබඳව විමසා බැලීමට කටයුතු කිරීම සම්බන්ධව ස්තුතිවන්ත වන බව කීය.

Exit mobile version