මගෙ අමාත්‍යාංශයෙ ඉන්න රසායනික පොහොර මාෆියාවෙ කොමිස් කාරයො හරිත   වැඩපිළිවෙළ විනාශ කළා…

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත් ගමගේ....

රසායනික කෘෂිකර්මාන්තය මාෆියාවක් බවත් තමන්ගේ අමාත්‍යාංශයේ නිලධාරීන් බොහෝ දෙනෙක් එම මාෆියාවේ ජාවාරම් කාර කොමිස් කරුවන් නිසා  හරිත කෘෂිකර්ම වැඩපිළිවෙළ බිඳවැටුණු බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියයි.

ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ නොකළ නිලධාරීන් ගැන ප්‍රකාශ කිරීමට පෙර මේ පිරිස ගැන කීවේ තමන් බව ඇමතිවරයා පැවසීය.

ඔහු අද (02) ඒ පිළිබඳව කීවේ මෙසේය.


“මගෙ අමාත්‍යාංශයේ නිලධාරීන් සියයට හැටක් හැත්තෑවක් මේ වැඩේ ඇදගෙන ගියෙ නෑ. රසායනික කෘෂිකර්මාන්තය කියන්නෙ මාෆියා එකක්. මේක ඇතුළෙ හැමෝටම කොමිස් හම්බවුණා. පොහොර ආනයනය කරන එකේ ඉඳලා බෙදන එකේ ඉඳලා ප්‍රමිතිය තීන්දු කිරීමේ ඉඳලා විශාල කොමිස් මුදල් ආවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මේ හොරකම් කොමිස් ඔක්කොම නැවතුනා මේ වැඩපිළිවෙළ නිසා. ඒ නිසා නිලධාරීන් ගොඩක් මේ හරිත කෘෂිකර්ම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කැමති වුනේ නෑ. “

 

 

 

 

 

 

 

Exit mobile version