භූතානයේ 90%කට කොවිඩ් එන්නත් දී අවසන්

භූතානය එරට කොරෝනා මර්ධන එනන්ත ලබාගෑනිමේ සුදුසු වයස් සීමාවේ පසුවන්නගෙන් 90%කට එනනත් මාත්‍රා දෙකම ලබාදීමට සමත්ව තිබේ.

හිමාල කඳු වැටියට මායිම්ව පිහිටි භූතානයේ ලක්ෂ අටකට ආසන්න ජනගහනයක් වෙසෙන අතර එරට කොරෝනා මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ජූලි 20 වැනිදා ආරම්භ විය.

පවතින කදු සහ බෑම් හේතුවෙන් සෞඛ්‍ය අංශ වෙත එන්නත් ප්‍රවාහනයට හෙලිකොප්ටර් යනා සහ හමුදා සමාජිකයින්ගේ සහයද යෙදා ගැනීමට සිදුව තිබේ.


ඊයේ (27) වන විට එරට කොරෝනා එන්නත ලබාගැනීමට සුදුසුකම් ලැබූ 530000 ක්වූ ජනතාවගෙන් 480000 ක් එනනත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති බවට යුනිසෙෆ් සංවිධානයේ භූතාන නියෝජිත විල් පාර්කස් පවසා ඇත.

භූතානය විසින් මෙම වසරේ මර්තු සහ අප්‍රේල් මාස වලදී ඉන්දියාවෙන් ලැබූනු ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා ලක්ෂ පහක් පළමු එන්නත් මාත්‍රාව ලෙස ජනතාවට ලබාදීම පියවරගෙන තිබිණි.

එහෙත් ඉන්දියාව පුරා කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාමත් සමඟ කලාපයේ බොහෝ රටවලට මෙන් දෙවන එනනත් මාත්‍රාව ලබාගෑනීමේ දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවිය.

එම අවස්ථාවේ ලෝකයේ රටවල් කිහිපයක්ම භූතානයේ සහයට පැමිණි අතර කොවැකස් වැඩසටහන යටතේ ඇමරිකාවෙන් මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ පහක් ලබාදීමට ඇමරිකානු එක්සත් ජනපදය පියවරගෙ තිබිණි.

එමෙන්ම ඩෙන්මාර්කය විසින් ඇස්ට්‍රසෙනිකා එන්නත් මාත්‍රා 250000ක් ද චීනය සයිනොෆාම් එන්නත් මාත්‍රා පනස් දහසක්ද ලබාදී තිබේ.

මීට අමරතව ක්‍රොයේෂියාව, බල්ගේරියාව සහ තවත් රටවල් කිහිපයකින් ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා ලක්ෂයක්ද භූතානයට ලඟවීමට නියමිතය.

භූතානය කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීමට නොහැකිවී සිටි අවස්තාවේදී ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත්ව රටට සහය ලබදීම සම්බන්ධයෙන් යුනිසෙෆ් ආයතනය සිය සතුට පළකරන අතරම එනනත් මාත්‍රා ලබාදීම ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය වූ අවස්ථාවක් ලෙසටද පෙන්වා දෙයි.

භූතාන රජය විසින් එරට අවුරුදු 18 වැඩි සියලුදෙනා කොරෝනා මර්ධන එන්නත ලබාගැනීමට සුදුස්සන් ලෙස නම් කර තිබිණි. ඔවුන්ට අමතරව ඉන්දීය දේශ සීමාවන්ට අසන්න ප්‍රදේශ වල ජීවත්වන අවුරුදු 12ත් 17ත් අතර වයස්වල දරුවන් 2000කටද ෆයසිර් එන්නත් ලබාදී ඇත.

මේ අතර එරට රජය විසින් ළමුන් එන්නතකරනය කිරීමට තවත් ෆයසිර් එන්නත මාත්‍රා ලක්ෂ දෙකක් මිලදී ගෙන ඇති අතර එම එනන්ත මෙම වසර අගභාගයේදී ලැබීමට නියමිතය.

කෙසේ වෙතත් භූතානයේ ජනතාවට එන්නත් මාත්‍රා ලබාදීම විශාල අභියෝගයක් වූයේ එරට පිහිටි භූ ලක්ෂණයි. පවතින කදු සහ බෑවුම් හේතුවෙන් හමුදා සමාජිකයින්ට ඉතා අභියෝගත්ම මර්ගවල අධික ශීතකරනවල බහා එන්නත් රැගෙන යාමට සිදුවිය.

ඒ සඳහා හමුදා සාමාජිකයින් 22000ක් සහ සෞඛ්‍ය සේවකයින් 2400ක් පමණ එක්ව සිටි අතර සෑම නිවසකටම ගොස් එන්නත් ලබාදීමට ඔවුන් පියවරගෙන තිබිණි.

එහෙත් වඩාත්ම අභියෝගාත්මක කාර්ය වූයේ විදේශ රටවල සිට භූතානයට ගුවනින් එන්නත් රැගෙන ඒමයි.

පවතින භූමියේ පිහිටීම හේතුවෙන් එරට පිහිටි එකම ජාත්‍යන්තර ගුවන් තොටුපොල ලොව ඇති භයානකම සහ අභියෝගාත්මකම ගුවන් තොටුපලක් වේ.

ඒ අනුව එම ගුවන් තොටුපලට ගුවන් යානා ගොඩ බැස්විය හැකි ගුවන් නියමුවන් විසි දෙනෙකු පමණක් ලොව සිටින අතර ඔවුන්ගේ සහය ඇතිව ඉතා සූක්ෂම එන්නත් රැගත් විශේෂිත ගුවන් යානා ගොඩ බැස්වීමේ විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට භූතානයට

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


භූතානය මෑත කාලයේදී ලොව සාර්ථකම පරිසර හිතකාමී අර්ථිකයකට හිමිකම් කියන රජ්‍යක් බවට පත්ව ඇති අතරම එරට රාජ්‍ය පාලනය ක්‍රමය මේවන විට ජාත්‍යන්තර වශයෙන් විශේෂ පැසසුමකටද ලක්ව තිබේ.

Exit mobile version