භික්ෂූන් වහන්සේ පාර්ලිමේන්තු අසුනකට අරගල කිරීම ගැන මහානායක හිමිවරු වගකිව යුතුයි

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ
අපේ ජන බල පක්ෂයට හිමිව ඇති මන්ත්‍රී ධුරය බෙදා ගත නොහැකි වීම හේතුවෙන් මේ වනවිට භික්ෂුන් වහන්සේලා අතර ඇතිව තිබෙන අතර අර්බුදයට මහා නායක ස්වාමීන් වහන්සේලා සහ ශාසන භාර නායක හිමිවරුන් වගකිව යුතු බව ශ්‍රි ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

මෙවැනි අධර්මවාදී ක්‍රියා වළක්වා ගැනීමට මහානායක ස්වාමීන් වහන්සේලා මීට වඩා ශාසනානුලෝමිකව තමන්ට පැවරුණු වගකීම මැනවින් ඉටු කළ යුතු බවද උන්වහන්සේ පෙන්වා දුන්නේ ඊයේ (20) ඇඹිලිපිටියේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

තම පක්ෂයට හිමිව තිබෙන මන්ත්‍රී ධුරය වෙනුවෙන් තවදුරටත් මහ මරාගෙන ශාසනය අපකීර්තියට පත් නොකර බෞද්ධ න්‍යාය ධර්මයන්ට අනුකූලව ක්‍රියා කර මෙම ගැටලුව විසඳා ගැනීමට පියවර ගන්නා ලෙස උන්වහන්සේ මෙම අර්බුදයට පැටළී සිටින ස්වාමීන් වහන්සේලාගෙන්ද ඉල්ලීමක් කළහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම මාධ්‍ය හමමුවේදී තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියෝ “ අපේ ජන බල පක්ෂයට පසුගිය මහමැතිවරණයේදී 67000ක් ජනතාව ඡන්දය දී තිබෙනවා. නමුත් මේ ප්‍රශ්නය අද මේ ඡන්දය දුන් පිරිසට පමණක් නොව මේ රටේ සමස්ත බෞද්ධ ජනතාවට මෙනම් ගිහි පැවිදි සෑම ජන කොටසකටම අදාල ප්‍රශ්නයක්බ වට පත්ව තිබෙනවා. බලලෝභීත්වය බලකාමය අප ප්‍රතික්ෂේප කරන දේවල් . ධර්මයට පරාර්ථයට මුල් තැන දී ක්‍රියා කළහොත් මේ ගැටලුව කඩිනමින් විසඳා ගන්න පුළුවන්.
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජාතික වීරයෙක්. උන්වහන්සේ පාර්ලිමේන්තු යැවිය යුතුමයි කියා රතන හාමුදුරුවෝ පසුගිය කාලයේ කියනවා අප දුටුවා. තමන්ට බාර්ලිමේන්තු මන්ක්‍රී ධුරය සම්බන්ධයෙන් ආශාවක් නැතැයි උන්වහන්සේ එදා ප්‍රකාශ කළා.රතන හාමුදුරුවො එදා කී ලෙසටම ක්‍රියා කරනවා නම් මේ අර්බුදය විසඳා ගත හැකි බව මට විශ්වාසයි යනුවෙන්ද උන්වහන්සේගේ මතය මාධ්‍ය හමුවේ දී මෙසේ ප්‍රකාශ කළහ.

Exit mobile version