භානුක ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් ඉවත් වීමට  ආගමික කල්ලියක උපදෙස් මත සිදුවූවක්?

භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත්වීම  එක්තරා  ආගමික කල්ලියක  පාස්ටර් වරයෙකුගේ උපදේශයක් මත සිදුවී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙලි කරයි.

භානුකගේ අනාගතය හොඳින් සකස්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වී අන්තර්ජාතිකව පැවැත්වෙන කණ්ඩායම් තරගවලට සහභාගී වීමෙන් බව මේ “අනාගත වක්තෘවරයා“ කී අදහසට අනුව ඔහු මෙම තීන්දුව ගෙන ඇති බවත්  ඒ සම්බන්ධ ඉඟියක් ඔහු මීට සතියකට පමණ පෙර සිය ෆේස් බුක් ගිනුමේ පල කර ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ වනවිට ඔහු විස්සයි 20 තරගවල හා පන්දු ඕවර 10 අන්තර්ජාතික තරගවල දක්වා ඇති දස්කම් අනුව අන්තර්ජාතික තලයේ කණ්ඩායම් තරග සඳහා හොඳ ඉල්ලුමක් ඇති බවත්, මෙවර සිම්බාබ්වේ තරගාවලියට පෙර පවත්වන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත්වුවහොත්  එහි අගය යම් පහළ වැටීමක් ඇතිවන නිසා භානුක ඊට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් ඉවත් වූ බවත් තවත් පාර්ශවයක් පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයක් නිකුත් කර කියා තිබුණේ සිය පවුල සහ මගහැරුණු ජීවිතය යළි ගොඩනගාගෙන වැඩි කාලයක් ඔවුන් සදහා කැප කිරීමට භානුක මෙම තීන්දුව ගෙන තිබුණ බවය.

 

Exit mobile version