බෝට්ටුවෙන් ප්‍රංශයට යන්න හැදූ 46ක් ගුවන් මගින් ලංකාවට…

නීති විරෝධීව මුහුදු මඟින් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත ඇතුල්විමට තැත් කළ ශ්‍රීලාංකිකයන් 46 ක් අත්අඩංගුවට ගෙන ගුවන් මඟින් නැවත ශ්‍රීලංකාවට පිටුවහල් රී-යූනියන් දූපතේ ප්‍රංශ බලධාරීන් ඊයේ (13) විසින් කටයුතු කර ඇත.

2022 දෙසැම්බර් මස 02 වන දින මීගමුව ප්‍රදේශයෙන් IMUL – A- 0559 CHW දරණ බහුදින ධීවර යාත්‍රාව මඟින් පිටත්ව ගොස් නීති විරෝධීව රී-යූනියන් දූපතට සංක්‍රමණය වීමට උත්සාහ කළ සමඟ පිරිමි පුද්ගලයන් 43 ක්, කාන්තාවන් දෙදෙනෙක් (02) ක් හා එක් පිරිමි ළමයෙකු (01) ඇතුළු පුද්ගලයන් 46 දෙනෙකු පසුගිය දෙසැම්බර් මස 24 වන දින රී-යූනියන් දූපතට ඇතුළු වීමේදී අත්අඩංගුවට පත්වී ඇති බව නාවික හමුදාව නිවේදනය කළේය.

බහුදින ධීවර යාත්‍රාව…

මෙම පිරිස යාපනය, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම, මඩකලපුව, හලාවත සහ මීගමුව යන ප්‍රදේශයන්හී පදිංචි වයස අවුරුදු 13 ත් 53 ත් අතර වයසේ පසුවන පුද්ගලයන්ය.

ඊයේ (13 )  ගුවන් මඟින් මෙරටට පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ජාවාරම මෙහෙයවූ දෙහිවල ප්‍රදේශයේ ජාවාරම්කරුවන් විසින් එක් පුද්ගලයෙකු‍ ගෙන් රුපියල් 200,000.00 සිට රුපියල් 4,500,000.00 දක්වා මුදලක් අයකර ඇති බවට අනාවරණය වී තිබේ.

 

Exit mobile version