දිනසේන රතුගමගේ –
ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන් පිරිසක් ඉන්දියාවේ තමිල්නාඩු හා රාමේස්වරන් ප්‍රදේශවලට ඇතුලු වන බවට ඉන්දීය ඔත්තු සේවා වලට ලැබුණු තොරතුරක් මත ඊයේ ( 29 ) දා සිට ඉන්දියාවේ කේරළය ඇතුලු ප්‍රදේශ කීපයක ආරක්ෂාව දැඩි කොට තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරන අන්දමට ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ඇතුළු වීමට ගියේ දෙමළ ධීවර පිරිසකි. ඔවුන් මේ වන විට බෝට්ටු කීපයකින් ඉන්දියාවේ කොචී ප්‍රදේශය වෙත ගොස් තිබේ.
මෙසේ ගමන් ගන්නා පිරිස ඉන්දියාව හරහා වෙනත් රටකට පලායාමට උත්සහ දරන බවට ඉන්දීය ආරක්ෂක බලධාරීන් විශ්වාස කරයි. මීට මාස තුනකට පමණ ඉහතදී ද මෙවැනිම ආරංචියක් මත ඉන්දියාවේ තමිල්නාඩු ආරක්ෂාව තර කොට තිබුණි.
උතුරේ සිට ඉන්දියාවට හොරෙන් පලා ගොස් එතැන් සිට කැනඩාව හා ප්‍රංශය යන රටවලට සංක්‍රමණය වීමට උත්සහ කළ ශ්‍රී ලාංකික දෙමළ වැසියන් 74 දෙනෙකු එදා අත්අඩංගුවට පත් විය.