බෝගස් වැව දී අතරමං වුණු මාසයක් වයස අලි බබා

දිනසේන රතුගමගේ –

වවුනියාවේ බෝගස්වැව පදවි කැළෑබද මාර්ගයේ අතරමංව සිටි මාසයක් පමණ වයස කුඩා අලි පැටවකු 24 දා උදෑසන වනජීවී නිලධාරීන් විසින් රැගෙනවිත් තිබේ.

වවුනියාවේ වන ජීවී නිලධාරීන් සදහන් කරන්නේ මේ අලි පැටවාගේ මව කිසියම් විපතකට මුහුණ දීම නිසා පැටියා අතරමංවූයේද යන්න පිළිබදව පරීක්ෂණයක් පවත්වා ගෙන යන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වවුනියාව වන ජීවී නිලධාරීන් විසින් රැගෙන එන ලද මෙම කුඩා අලි පැටවාට කිරි ලබා දී එම අලි පැටවාට කැළයට ගොස් තනිව ජීවත් වීමට හැකියාව ලැබෙන තුරු එම අලි පැටවා සංරක්ෂණය කිරීමට සිදුවන බවද කියා සිටියහ.


Exit mobile version