බෝගම්බර 23කට  කොවිඩ්… දැන් බෝගම්බර කොවිඩ් ආසාදිතයන් 32යි

පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ වලට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කිරීමෙන් අනතුරුව බෝගම්බර පැරණි බන්ධනාගාරයේ තාවකාලිකව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි සැකකරුවන් 23 දෙනෙකුට කොවිඩ්-19 වෛසරය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මෙයට පෙර බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුට හා රැඳවූවන් හත් දෙනෙකුට  කොවිඩ්- 19 වෛරසය ආසාදනය වී තිබෙන බව හෙළිවිය.

මේ අනුව බන්ධනාගර නියාමකවරුන් දෙදෙනාත් බෝගම්බර පැරණි බන්ධනාගාරයේ සහ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියනුත් සමඟ කොවිඩ් වෛරසය ආසාධනය වූ මුළු පිරිස 32 කි.
පල්ලෙකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරයේ  රැඳවියෙකුටද කොවිඩ්  වෛරසය ආසාදනය වී තිබෙන බව  මුලින් තහවුරු වීමත් සමඟ බන්ධනාගර නියාමකවරුන් හා රැඳවූවන් පිරිසක් පී.සී.ආර් පරීක්ෂණයට යොමු කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බෝගම්බර පැරණි බන්ධනගාරයේ සහ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පිරිස වැලිසර හා තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර රෝහල් වෙත යොමුකර ඇත.

Exit mobile version