බෝගම්බර බන්ධනාගාර නියාමකවරු දෙදෙනෙකු කොවිඩ්

කොවිඩ් ආසාදිත රැඳවියන් රැකබලා ගත් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනකු ට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ තාවකාලිකව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ රාජකාරී සඳහා යොදවා සිටි මෙම බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනා හට  කොවිඩ්- 19 වෛරසය ආසාදනය වී තිබෙන බව පෙරේදා (09)සවස  සිදුකළ පි.සි.ආර්. පරීක්ෂණ මගින් තහවුරුවී තිබේ.

එම නියාමකවරුන් දෙදෙනා තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ බලධාරීන් පියවර ගෙන ඇත.


බන්ධනාගාර ගතකරන පිරිස්  නිරෝධායනය කිරීම පිණිස පැරණි බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය  වෙත යොමු කෙරෙන අතර එහි සිටි රැඳවූවන් හය දෙනෙකුට කොවිඩ් ආසාධනය වී තිබෙන බව මෙයට පෙර සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ මගින් හෙළි වී තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පල්ලෙකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරයේ  රැඳවියෙකුටද කොවිඩ්  වෛරසය ආසාදනය වී තිබෙන බව  තහවුරු විය.ඒ සමඟ බන්ධනාගර නියාමකවරුන් හා රැඳවූවන් පිරිසක් පී.සී.ආර් පරීක්ෂණයට යොමු කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබිණි. 

 

Exit mobile version