බෝගම්බර පුරාණ ගොඩනැගිල්ලට කිසිම හානියක් වෙන්නෙ නෑ… විදුර සහතික කරයි…

ලෝක සම්භාවිත වාස්තු නිර්මාණයක්වන බ්‍රිතාන්‍ය යුගයේ ඉදි කළ පුරාණ බෝගම්බර සිරගෙදර පිහිටි ගොඩනැගිල්ලට හෝ තාප්පයට කිසිම හානියක් සිදු නොකර සියලුම සංවර්ධන සැලසුම් සකසන බවට ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක අවධාරණය කළේය.

මෙම ගොඩනැගිල්ල සහ තාප්පය කඩා දමා භූමිය නිදහස් කරගත යුතු බවට මින් පෙර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වල දී රජයේ ප්‍රබල කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙක්වන මහින්දානන්ද අලුත්ගමගේ සහ කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ්‍ය කර තිබිණි.

ඒ සම්බන්ධව දිගින් දිගටම පුරාවිද්‍යා නිලධාරීන් හා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග මෙම අමාත්‍යවරු සාකච්ඡා පවත්වා තිබිණි.


කෙසේ වෙතත් රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක ප්‍රකාශ කළේ පුරාණ ගොඩනැගිල්ලේ තාප්පයට හෝ ගොඩනැගිල්ලට කිසිම හානියක් නොවන සංවර්ධන සැලස්මක් පුරවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සකස් කර ඇති බවය.
එම සැලැස්ම සති දෙකක් තුළ ඉදිරිපත් කරන බවත් රාජ්‍ය ඇමතිවරයා කීවේය.

මෙම සැලසුමට අනුව සිදුවන එකම වෙනස වන්නේ දැනට එක් ප්‍රවේශයක් පමණක් ඇති භූමියට තවත් ප්‍රවේශයක් නිර්මාණය කිරීම බවය.

මේ සංවර්ධන සැලැස්ම ආයෝජකයන්ද සම්බන්ධ කරගත හැකි ආකාරයට නිර්මාණය කර ඇති බව කී ඇමතිවරයා දිරාපත්ව ඇති දැවමය අභ්‍යන්තර ඉදිකිරීම් නවීකරණය කිරීම සඳහා ඇතුළු පුරාණ ගොඩනැගිල්ලක් විද්‍යාත්මක සංරක්ෂණයක ආකාරයෙන් තහවුරු කිරීමට සිදු වී නිසා වැඩි පිරිවැයක් දැරීමට සිදු වී ඇති ආකාරය පැහැදිලි කර දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මේ සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් බිලියන 03ක මුදලක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බවත් ඇමතිවරයා කීවේය.

Exit mobile version