බොරු පැමිණිලි කළැයි ගානියාට අධිචෝදනා

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට එරෙහිව අසත්‍ය පැමිණිල්ලක් කිරීම සම්බන්ධයෙන් කොළඹ අංක-3 මහාධිකරණය හමුවේදී අද අධිචෝදනා ගොනු කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටි පිරිසක් තමා බලහත්කාරයෙන් වෑන් රථයක දමාගෙන පැහැර ගෙන ගොස් ලිංගික හිරිහැර කළ බව සහ ගිනි අවියක් පෙන්වා මරණ තර්ජන කළ බවට අසත්‍ය පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමේ චෝදනාව ඇතුළු අධිචෝදනා එලෙස ගොනු කර තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධිචෝදනා පත්‍ර කියවා නඩු විභාගය ආරම්භ කිරීමට දින නියම කිරීම සඳහා නඩුව ලබන ජුනි 4 වැනි දා යළි කැඳවීමට මහාධිකරණ විනිසුරුවරයා එහිදී නියෝග කර තිබේ.


Exit mobile version