බොරැල්ල පොලිසියේ බේරුණේ අට දෙනයි ප්‍රදේශයේ රාජකාරියට පිටින් පොලිසිය ගෙනෙයි

කොවිඩ් 19 වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ පොලිස් ස්ථානයේ නිලධාරීන් අට දෙනකු හැරුණු විට 300කට ආසන්න සියලුම කාර්ය මණ්ඩලය කොවිඩ් 19 හේතුවෙන් රාජකාරී කළ නොහැකි තත්ත්වට පත්ව සිටී.

එයින් පිරිසකට වෛරසය ආසාදනය වූ අතර තවත් පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත ව ඇත.

පොලිස් ආරංචිමාර්ගවලට අනුව බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා, රථවාහන අංශයේ ස්ථානාධිපති බුද්ධි අංශ ස්ථානාධිපති ඇතුළු අට දෙනකු පමණක් තවදුරටත් රාජකාරියේ රැඳී සිටින අතර බොරැල්ල පොලිසියෙන් සිදුවන සියලුම සේවාවාන් මේ වනවිට නතර කොට තිබේ.


අදාළ ප්‍රදේශයේ රාජකාරී සඳහා පිට පළාත්වලින් පොලිස් නිලධාරීන් කැඳවා රාජකාරියේ යෙදවුවද ඔවුන් සියලු දෙනාම බොරැල්ල පොලිස් ස්ථානයෙන් පිටත සිට අදාළ රාජකාරීවල නිරත වන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට පොලිස් නිලදාරීන් 400කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් ආසාදනය වී රෝහල්ගතව සිටින අතර එයින් වැඩිම පිරිස වාර්තා වුනේ විශේෂ කාර්ය බලකායෙනි. එමෙනම් බොරුල්ල පොලිසිය, කොළඹ අපරාධ කොට්ඨාසය මෙන්ම සෙසු පොලිස් ඒකකවලට අනුයුක්ත නිලධාරීන් රැසක්ද ඒ අතර වෙති.

Exit mobile version