බොරැල්ල පොලිසියේ ඉතිරිව සිටි ස්ථානාධිපතිවරයා ඇතුළු අටත් නිරෝධායනයට

බොරැල්ල පොලිසියේ ශේෂව සිටින ස්ථානාධිපතිවරයා ඇතුළු සෙසු නිලධාරීන් අට දෙනාද අද දිනයේ සිට නිරෝධායනයට යොමු කොට ඇති බව ලංකාසරට වාර්තා වේ.

ඒ අනුව මේ වන විට බොරැල්ල පොලිසියේ සිටි සමස්ත කාර්ය මණ්ඩලයෙන් කොටසක් කොවිඩ් ආසාදනය වීම නිසා රෝහල්ගත ව ප්‍රතිකාර ලබන අතර සෙසු නිලධාරීහු නිරෝධායනයට ලක්ව සිටිති.

පසුගිය දින කිහිපය තුළ බොරැල්ල පොලිසියේ නිලධාරීන් 103 ට දෙනකු කොවිඩ් 19 රෝගය ආසාදනය වී ඇත.


ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීම හේතුවෙන් ඊයේ වනවිට බොරැල්ල පොලිසියේ ශේෂ ව සිටියේ එහි ස්ථානාධිපති රථවාහන අංශ ස්ථානාධිපති බුද්ධි අංශ ප්‍රධානී ඇතුළු නිලධාරීන් අට දෙනෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් අද දින නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇති අතර මේ වනවිට බොරැල්ල පොලිස් ස්තානය හුදකලා ප්‍රෙද්ශයක් බවට පත් කොට ඇත. එම පොලිස් බල ප්‍රදේශයේ රාජකාරී කටයුතු සඳහා වෙනත් පොලිසිවලින් නිලධාරීන් යොදවා තිබෙන බව පොලිස් ආංරචි මාර්ග ලංකාසරට පැවසීය.

Exit mobile version