බේරුවල සුපිරි හෝටලයක ඉඳන් මැකෝ අලුත් මැතිවරණ සිතියම හදයි…

ඉදිරි මැතිවරණය නිරෝධායන ක්‍රමවේදයන්ට අනුකූලව  සෞඛ්‍ය ආරක්ෂිතව පැවැත්වීමට අදාල මාර්ග සිතියම සකස් කිරීමේ සාකච්ඡාව අද සහ හෙට (27-28) බේරුවල සුපිරි හෝලයක දී පැවැත්වේ.

මැතිවරණය  පැවැත්වීම සඳහා අදාල මාර්ග සිතියම සකස් කිරීම සඳහා වූ සෞඛ්‍ය නිර්දේශ හා උපදෙස් මාලාව පසුගිය දා සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ක්‍රමවේදයන්ට අනුගත වෙමින් මැතිවරණ කොමසාරිස්වරයාගේ මූලිකත්තවයෙන් සකස් කරන ලද මාර්ග සිතියම ඉදිරි දින කීපය තුළ දී එළි දැක්වෙනු ඇති බවත් ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වයා ප්‍රමුඛ නිලධාරීන් බේරුවල හෝටලයක  නවාගැන් ගෙන එම කටයුතුවල කඩිමුඩියේම නිතරව සිටින බවත් ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.


Exit mobile version