බේබදු පාටියේ දී පිහියෙන් ඇන්න යාපනය සරසවි සිසුවා අත්අඩංගුවට

සිද්ධිය වුනේ නේවාසිකාගාරයක් තුළ...

දිනසේන රතුගමගේ –

කොරොනා අවදානම් වකවානුවේ  ළ බේබදු පාටියක් දමා පිහි ඇනුමකින් කෙළවර කරගත් යාපනය සරසවි සිසු සාදයේ දී පහර දීමේ හා පිහියෙන් ඇණීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට යාපනය පොලීසිය විසින්  එක් සිසුවෙකු 18 දා අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනය විශ්ව විද්‍යාලයෙන් පිටත පිහිටි විශ්ව විද්‍යාලයට අයත් නේවාසිකාගාරයක 17 දා රාත්‍රී සාදයක් පවත්වා ඇති අතර එම සාදයේදී සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබේ.

මේ අවස්ථාවේදී සිසුන් එකිනෙකාට පහර දීගෙන ඇති අතර එක් සිසුවෙකු තවත් සිසුවෙකුට පිහියෙන් ඇණීම නිසා ඔහු තුවාල ලබා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.


මේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සිසුවාගෙන් පොලීසිය ප්‍රශ්න කරගෙන යයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසියට අමතරව යාපනය විශ්ව විද්‍යාලයද පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

 

Exit mobile version