බෙහෙත් විසිකළ බදියුදීන් ජාතික රෝහලෙන් යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

හිටපු අමාත්‍ය  රිෂාඩ් බදුර්දීන්   රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍ය නිර්දේශ මත ඔහුට ලබා දුන් ඖෂධ ලබානොගෙන හොර රහසේ ඉවතට විසිකර දමා ඇති බවට කරුණු හෙළි වී තිබේ.

මේ වනවිට  හිටපු ඇමතිවරයා ජාතික රෝහලෙන් ඉවත් කරගෙන  යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට  රැගෙන ගොස් ඇත.

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 17 දා ඔහු  කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබිණි.


ඔහු  කොළඹ ජාතික රෝහලේ 55 වන වාට්ටුවට ඇතුළත් කෙරුණේ ඉකුත් 17 වැනිදාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන්ව මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගත හැකි කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළත් කරන ලෙස  හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එය ප්‍රතික්ෂේප කර තිබිණි.

 

 

 

 

 

Exit mobile version