බූස්ස අධි ආරාක්ෂක බන්ධනාගාර රැඳවියෙක් සියදිවි හානි කරගන්න තැත් කරලා..

මාතර – සම්පත් –

අද උදෑසන බූස්ස අධිආරක්ෂක බන්ධනාගාරයේ රැඳවියකු ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගැනීමට තැත් කරද්දී බන්ධනාගාර නිලධාරීන්  වහාම ක්‍රියාත්මක වී රැඳවියා බේරාගෙන තිබේ.

අපරාධ රැසකට සම්බන්ධ   යැයි සැලකෙන මෙම රැඳවියා  පසුගිය වසරේ බන්ධනාගාර ගත කර ඇත.

බන්ධනාගාර නිලධාරීන් මෙම රැඳවියා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර  බන්ධනාගාර නිලධාරීන්ගේ සහ කරාපිටිය රෝහලේ පොලිස් නිලධාරීන්ගේ රැකවරණය මත  ඔහු ප්‍රතිකාර ලබයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු දිවි හානි කරගැනීමට තැත් කිරීම කවර හේතුවක් මත සිදුකළේ දැයි යන්න පිළිබඳ මේ වනවිට විමර්ශනයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

Exit mobile version