බූවැලිකඩ ගොඩනැගිල්ලට යටවූ පවුල වෙනුවෙන් මහනුවර නීතිඥ සංගමයම ඉදිරිපත් වෙයි

මහනුවර බූවැලිකඩ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ හිමි, අද අත්අඩංගුවට ගත් අනුර ලෙව්කේ මේ වනවිට මහනුවර අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් මහනුවර නිතිඥ සංගමය ඉදිරිපත් වී ඇත.

අනුර ලෙව්කේගේ පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත්වූයේ රියෙන්සි අර්සකුලරත්න, නන්ද සේනානායක, සමන් තන්තිරිගේ, තිස්ස සෙනෙවිරත්න යන නීතිඥවරුන් ය.


මෙම නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී දෙපාර්ශ්වය විසින්ම අධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු දැක්වීම නිසා මහේස්ත්‍රාත්වරයා විසින් ඒ පිළිබඳ තීන්දුවක් ගැනීම කල් තැබිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව අද දිනයේම යළි නඩුව විභාගයට ගැනීමට නියමිතය.

Exit mobile version