බුර්කාව හා නිකාබය රට තුළ තහනම් නෑ… විදේශ ලේකම් නිවේදනයක් නිකුත් කරයි…

බුර්කාව හා නිකාබය මෙරට තහනම් කිරීමට රජය තීරණය කර නැතැයි විදේශ අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ   සඳහන් කරයි.

එය යෝජනාවක් පමණක් වන බවත් ඒ ගැන දැනට සාකච්ඡා වෙමින් පවතින බවත් ඔහු  වැඩිදුටත් පෙන්වා දෙයි.

ඔහු මේ බව ප්‍රකාශ  කළේ බුර්කාව හා නිකාබය තහනම් කිරීමේ යෝජනාව ගැන පළ වන විවිධ මාධ්‍ය වාර්තා  පිළිබඳව විදේශ අමාත්‍යාංශය ලෙස නිවේදනයක් නිකුත් කරමිනි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් රජය සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් සංවාදයක් ඇති කරන බවත් අවසන් තීරණය ගැනීමට ප්‍රමාණවත් කාලයක් වැය වනු ඇති බවත් එම නිවේදනයේ තව දුරටත් සඳහන් වේ.

Exit mobile version