“බුදු සර් මාව මරන්න එපා…” පොලිසියේ දෙපා මුල වැටෙමින් බූරු මූනා ඝාතන 06ක් වමාරයි…

පාතාලයේ සැඟවුන ඝාතකයෙක් බව ප්‍රකාශ වී ඇති බූරු මූණා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ තමන් නොමරන ලෙස පොලිස් නිලධාරීන්ගේ දෙපා අල්ලා වැඳ වැටී හඬමින් තමන්ට එල්ල වී ඇති ඝාතන චෝදනා 09න් 06ක් තමන් විසින් සිදුකළ බව පිළිගෙන ඇතැයි විමර්ශන අංශ පවසයි.

“බුදු සර්… මාව මරන්න එපා…” යැයි බූරු මූනා හඬමින් වැඳවැටෙන බව පොලිස් විමර්ශන අංශ වැඩිදුරටත් හෙලි කරයි.

රත්ගමදී 2022 වසරේ ජූලි මස 31 දා නිවෙසකට පැන කළ ඝාතනය,2022 ඔක්තොම්බර් මස 31 දා ගාල්ල මහාධිකරණයේ විභාග වෙමින් පැවති නඩුවකට පෙනී සිට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුව හික්කඩුවේ දී වෙඩි තබා ඝාතනය කිරීම, ඌරගස්මංහන්දියේ දී එක් අයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම, වැලිකඩ පොලිස් වසමේ අඹගහ හන්දියේ ව්‍යාපාරික ස්ථානයක පුද්ගලයෙක් ඝාතනය කිරීම සහ හංවැල්ල ආපනශාලාවක හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරීම ඔහු විසින් පිළිගෙන ඇති බව කියන ඝාතනයන්ය.

නාවික හමුදාවේ සේවය කරමින් සිටි තමන් රත්ගම විදුරගේ පාතාල කල්ලිය හා සම්බන්ධ වූයේ පොඩි ලැසීගේ කල්ලියෙන් තම පවුලට සිදුවන නිරන්ත කරදරවලින් බේරීමට බවත් පොඩි ලැසීට එරෙහි පාතාල කල්ලිය රත්ගම විදුරගේ කල්ලිය බවත් ඔහු හෙළි කර ඇත.


බූරු මූණා විසින් පවසා ඇත්තේ රත්ගම විදුරගේ උපදෙස් මත දකුණේ ඝාතන සිදු කළ ද හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතනය කරන්නේ ඩුබායිහි සිටින ලලිත් කන්නංගර විසින් ලබා දෙන කොන්ත්‍රාත්තුවක් අනුව බවය.

ලලිත් කන්නංගර හඳුනා ගන්නේ රත්ගම විදුර මගින් දුරකථනයෙන් බව ඔහු පවසා ඇත. තමන් ඩුබායි රාජ්‍යය වෙත ගෙන්වා ගැනීමට ලලිත් කන්නංගර විසින් ලබා දුන් පොරොන්දුව නිසා එම ඝාතනයට බූරුමූණා මැදිහත් වී තිබේ.

කටුනායක ගුවන් තොටුපලේ දී ඔහු පොලිසියට හසුවීමෙන් අනතුරුව වාරියපොල රිට්ටාදෙණිය පන්සලේ චීවරධාරීන් ලලිත් කන්නංගර විසින් පොලිසියට  එවා තිබුණ බවත් ඔහු නිදහස් කරගැනීමේ වැඩපිළිවෙළ සම්බන්ධව මෙම චීවරධාරීන් තමන්ව  දැනුම්වත් කළ බවත් බූරු මූණා පවසා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතනයෙන් අනතුරුව ඔහු පැන ගොස් දින කිපයක්  වාරියපොල රිට්ටාදෙණිය පන්සලේ ද සැඟවී සිට ඇත.

Exit mobile version