බුදු රුව සහිත සාරියක් ඇඳගෙන නුවර පැමිණි කාන්තාව අත්අඩංගුවට

බුදුරුව සහිත සාරියක්  ඇදි කාන්තාවක් නීතිය හමුවට යොමු කළ යුතු බව කියමින් පොලිසියෙන් ගෙන්වන තුරු  බස්රියක් නවත්වා කලබල කළ මගීන් පිරිසක් ගැන පුවතක්   කටුගස්තොටින් වාර්තා වේ.

මඩකළපුව කලවංචිකුඩි ප්‍රදේශයේ සිට මහනුවර පැමිණ තිබෙන මෙම  කාන්තාව පොළොන්නරුව බලා පෞද්ගලික බස් රථයකින් යමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා ඇත.  මගීන්වි සින්ම පොලිසියට කළ දැනුම් දීමකට අනුව කටුගස්තොට පොලිස් නිළධාරින් විසින් ඇයව ඊයේ ( 21) අත්අඩංගුවට ගෙන තිබිණි.

තිස් දෙහැවිරිදි මෙම කාන්තාව ගම්පොළ ප්‍රදේශයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පැමිණි බව ඇය විසින් පොලීසියට පවසා ඇත.


සංහිඳියා පනත යටතේ ආගම් අතර ගැටුමක් ඇති වන ආකාරයේ කටයුත්තක් සිදු කිරීමේ චෝදනා යටතේ අදාළ කාන්තාව අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. එස්. උවින්දසිරිගේ  මෙහෙයවීම යටතේ  විමර්ශන සිදුකෙරෙයි.

 

Exit mobile version