බුද්ධි අංශ 250ක් ගෝල්ෆේස් අරගල බිමට බස්සයි…

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සහ  ගාලු මුවදොර පැවත්වෙන දැවැන්ත මහජන උද්ඝෝෂණය ආවරණය කිරීම සඳහා පසුගිය දින දෙක පුරා 250කට අධික බුද්ධි නිලධාරීන් පිරිසක් යොදවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන්ට අද (11) දිනයේද ඒ හා සමාන සංඛ්‍යාවක් සෙවයේ යොදවන ලෙසට ඉහළ නිලධාරීන් වෙතින් නියෝග ලැබී ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

රාජ්‍ය බුද්ධි සේවය, පොලිස් විශේෂ කාර්යංශය, බස්නාහිර බුද්ධි සේවය සහ නුගේගොඩ බුද්ධි ආවේක්ෂණ නිලධාරීන් පිරිසක් ඊට සම්බන්ධ කරගෙන ඇති අතර ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු රැස් කරන නුගේගොඩ බුද්ධි ඒකකයේ නිලධාරීන් 150කට අධික පිරිසක් මේ සඳහා සහභාගි කරවාගෙන ඇති බව සඳහන් වේ.


විශාල ජනකායක් පැමිණ සිටින බැවින් කැරළි පාලනය අදාළ නිල මුගුරු, හිස්වැසුම් ආදියෙන් සමන්විත පොලිස් බලඇණි ගණනාවක් ගල්කිස්ස, කැලණිය, නුගේගොඩ, කොළඹ උතුර, මීගමුව, කළුතර පානදුර යන කොට්ඨාසවලින්ද මෙම ස්ථානයට කැඳවනු ලැබ ඇති අතර මීට අමතරව වංචා විමර්ෂණ නිලධාරීන් සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ද මෙම ස්ථනයට යොදවා ඇතැයි මෙම ආරංචි මාර්ග  තවදුරටක් සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය තනතුරින් ඉල්ලා අස්වන ලෙසට  බලකරමින් තරුණ තරුණියන්, වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසක් මේ වනවිට අඛණ්ඩව තෙවැනි දිනයටත් කොළඹ ජනාධිපති ලේකම්  කාර්යාලය අසල උද්ඝෝෂණයක නියැළෙන අතර මේ උද්ඝෝෂණය සම්බන්ධව ඉහළ ජත්‍යාන්තර අවධානයක් යොමු වී තිබේ.

Exit mobile version